(ජුඩ් සමන්ත)

මදුරන්කුලිය පාසලකට බලහත්කාරයෙන් කඩා වැදී ගුරුවරියකට බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු පොලිස් ඇප මත මුදා හැර එම සිද්ධිය සමත මණ්ඩලයට යොමු කිරීමට පුත්තලම පොලීසිය ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරන බවත්, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර  ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ස්ටාර්ලින් ජෝෂප් මහතා පැවසීය.

පාසලට පැමිණි සිසුවියක් ඇද සිට ගවුමේ වාටිය ලිහා ගන්නා ලෙස කිව්ලකැලේ මහා විද්‍යාලයේ විනය බාර ගුරුවරිය දැණුම් දී ඇත. එම සිසුවිය මේ බව එම අවස්ථාවේදීම දුරකථනයෙන් තම පියාට දැනුම් දීමට කටයුතු කර ඇත. 

පණිවුඩය ලද සැණින් සිසුවියගේ පියා පාසල තුළට කඩා වැදී තම  දියණියට අවවාද කළ ගුරුවරියට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කර  ඇත. ඉකුත් 13 වැනි දා පෙරවරුවේ මෙම සිද්ධිය සිදුවී ඇත.