(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි චීන ජාතික කාන්තාවක් (43) අද (4) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
එහි දුම්වැටි කාටූන් 176 ක් තිබූ බවත් ඊට අමතරව විදේශීය නිෂ්පාදිත බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතල 4 ක් ද තිබූ බව රේගුව පවසයි. මේ සියල්ලේම වටිනාකම රුපියල් 17,64,000 කි.
භාණ්ඩ සියල්ල රාජසන්තක කර රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද ඇයට නියෝග කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති දෙකකට හිරේ දැම්මා නම් තමයි හොඳ.