IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංවතුරෙන් මාතර 14,000 ක් පීඩාවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් පිරිස අද (25) වන විට 14,000 දක්වා ඉහළ ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක මේජර් ප්‍රභාත් කළුබෝවිල මහතා පැවසීය.
 
පවුල් 4000 ක්‍ පමණ මෙම ව්‍යසනයට මුහුණ පා සිටිති.
 
මේ වන විට සම්පූර්ණයෙන් විනාශ වී ඇති නිවාස ගණන 10 දක්වා ද අර්ධ වශයෙන් හානි වු නිවාස ගණන 209 ක්‍ දක්වා ද ඉහළ ගොස් තිබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා සම්බන්ධීකාරක අනුජන්ත විදානගේ මහතා පැවසීය.
 
මාතර ගොඩගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් හදීසියේ කඩා වැටීම නිසා එහි නිවැසියන් ඊයේ (24) අනූ නවයෙන් සිය ජීවිත බේරා ගෙන තිබුණි.
 
මේ වන වන විට මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ හා තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවතැන් කඳවුරු තුනක් පවත්වා ගෙන යන අතර ඒවායෙහි පවුල් 60 ක සාමාජිකයින් 275 දෙනෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටින බව ද විදානගේ මහතා වැඩි දුරටත් කීය.

එම පිරිස් සදහා මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් මත පිසූ ආහාර ලබා දීමට කටයුතු කර තිබේ.
 

ඊට අමතරව පීඩාවට පත් අනෙක් සියලු දෙනාට ද සහන සැලසීම සදහා මුදල් වෙන් කර දී ඇත.මේ වන විට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගණනාව ගංවතුර හේතුවෙන් කොටු වී සිටින අතර ඔවුන්ට එගොඩ මෙගොඩ යාම සදහා බෝට්ටු සේවාවන් ද ආරම්භ කර තිබේ.

 පසුගිය දිනවල පැවති ධාරාණිපාත වර්ෂාවේ යම් අඩුවක් අද  (25) දිනය දැක ගත හැකි විය.මීට අමතරව විශාල ගස් හා පස් කඳු කඩා වැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය හා දුරකතන සම්බන්ධතා විසන්ධී වී පවතී.



අදහස් (0)

ගංවතුරෙන් මාතර 14,000 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site