(ගම්පොළ සුරංග රාජනායක සහ ගලහ ඩබ්ලිව්. අසේල)
දරුවකුගේ මරණයෙන් කෝපයට පත්වූ දෙල්තොටවත්ත ගම්වාසීන් පිරිසකගේ පහරදීමකින් දැඩි ලෙස හානි සිදුවූ ගලහ ප්‍රාදේශීය රෝහල ඊයේ (29) සිට තාවකාලිකව වසා දැමූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්තිනී සමරසිංහ මහත්මිය පැවසුවාය.
මෙහි සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනා පළාත් සෞඛ්‍ය කාර්යාලයට මාරුකර ඇති අතර සෙසු කාර්ය මණ්ඩලය ගලහ රෝහලට ආසන්න දෙල්තොට රෝහලට අනුයුක්ත කර ඇත.
දෙල්තොටවත්ත ගම්වාසීන්ගේ පහරදීමෙන් වෛද්‍යවරුන්ගේ මෝටර් රථ දෙකකටද අලාබ හානි සිදුවී තිබිණි.
මියගිය දරුවාගේ මවුපියන් චෝදනා කර සිටියේ දරුවාට ප්‍රතිකාර නොකිරීම නිසා ඔහු මියගිය බවය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙල්තොටවත්ත පදිංචි සංකර් සජී නමැති දරුවෙකි.
දහසකට අධික පිරිසක් රෝහල වටකර පහරදීම නිසා ඇතිවූ කලබලය මැඩපැවැත්වීමට අවට පොලිස් ස්ථාන දහයකින් පමණ භට පිරිස් කැඳවනු ලැබූ අතර විශේෂ කාර්ය බළකාය සමග කැරලි මර්දන හා ජල ප්‍රහාරක රථද කැඳවා තිබුණි.
දරුවාගේ පියා වන එස්. සංකර් මහතා පැවසුවේ රෝහලට ඇතුළත් කළ දරුවා පිළිබඳව වෛද්‍යවරුන් නිසි සැලකිල්ලක් නොදැක්වූ බවය. වෛද්‍යවරුන් පාටියක් ගැන කතා කරමින් සිටින විට දරුවා පේරාදෙණිය රෝහල වෙත ගෙන යාමට ගිලන් රථය ඉල්ලුවද එය ද ඉටු නොවූ නිසා ත්‍රිරෝද රථයකින් දරුවා පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය බවත් ඒ වන විට දරුවා මියගොස් සිටි බවත් සංකර් මහතා කීය.
අනතුරකින් තුවාල වූ දෙදෙනෙකු ගිලන් රථයෙන් පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය බව වෛද්‍යවරුන් පැවසුවද එය තම දරුවාගේ සිද්ධියට පසුව ඇතිවූ දෙයක් බවද ඔහු පැවසීය.
නොසන්සුන් වූ පිරිස පැය 08ක් පමණ රෝහල වටලා සිටිමින් වෛද්‍යවරයා මාංචු දමා පොලිසියට රැගෙන යන ලෙසත් සේවයෙන් ඉවත්කරන ලෙසත් ඉල්ලමින් කලහකාරී ලෙස හැසිරුණහ.
මෙම කලබලය නිසා රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා පැය අටක් පමණ රෝහලේ කාමරයක හිරවී සිටියේය. පොලිසිය විරෝධතාවකරුවන්ට කොතෙක් කරුණු පැහැදිලි කර දුන්නද එය ඉටු නොවුන නිසා ඇඳිරි වැටීගෙන ඒමත් සමඟ උපක්‍රමයක් ලෙස වෛද්‍යවරයාට පොලිස් ඇඳුම් අන්දවා ඔහු පොලිස් කැබ් රථයකින් පිටතට රැගෙන යාමට කටයුතු යොදනු ලැබීය. මෙය දැනගෙන නොසන්සුන්වූ පිරිස පාලනය කිරීමට කඳුළු වායු උණ්ඩයක්ද භාවිතා කළ අතර වෛද්‍යවරයා නිරුපද්‍රිතව රැගෙන යාමට කටයුතු යොදනු ලැබීය.
රාත්‍රිය එළඹීමත් සමඟ රැස්ව සිටි පිරිස රෝහලට සහ පොලිස් නිලධාරීන්ට නැවතත් ගල්මුල් ප්‍රහාර එල්ල කළ අතර ගල් ප්‍රහාරයකට ගොදුරු වූ එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබීය. කෙසේ වෙතත් රාත්‍රි 8.00 පමණ වනවිට තත්ත්වය සමනය කිරීමට පොලිසිය සමත් විය.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29) දින පේරාදෙණිය රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබුණි.
ගම්පොළ කොට්ඨාස බාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇත.
සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා ශාන්තිනී සමරසිංහ මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අතර සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූයේ මෙම දරුවා රෝහලට රැගෙන ඒමට පෙර පෞද්ගලික වෛද්‍යවරයකු වෙත යොමුකර ඇති බවයි. දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට තිබූ වලිප්පු තත්ත්වය අනුව ඒ සඳහා වූ ඖෂධ ලබාදී එහි ක්‍රියාකාරිත්වය ලැබෙන තුරු සිටියදී මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතවී තිබෙන්නේ දරුවාගේ භාරකරුවන්ගේ අනවශ්‍ය කලබලය නිසයි.
මෙම රෝහලේ වෛද්‍යවරුන් මාරුකර හැරීමෙන් පසු අලුතින් වෛද්‍යවරුන් එහි වැඩ භාරගැනීමේ ගැටලුවක්ද මතුවී තිබුණත් ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බවද වෛද්‍ය ශාන්තිනී සමරසිංහ මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැරැද්ද වහන වැහිල්ල. දැන් දෙමව්පියෝ තමයි වැරදි.
1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි. හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත. 2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය. 3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖෂධය ගුද මාර්ගයෙන් ඇතුලු කරන එකකි. අදාල ඖෂධය ලබාදුන් පසු, විනාඩි5-10 පමන කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබාදේ. 4- ඉන්පසු පියවර වන්නේ, රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර නොවන ලෙස විවේකීව නිරීක්ෂණය සදහා රදවා ගැනීමයි. හදිසි තත්වය මේ අවස්තාව වනවිට අවසන්ය. 5- උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතල තුවාල ලබා පැමිනෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්ශනිකව පිටත් කර හැරේ. 6- මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ළමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ. 7- ෆිට් එකට ලබාදෙන ඖෂධයේ ඉතාම සුලභ සංකූලතාවක් වන්නේ, ශ්වශන ක්‍රියාවලිය තාවකාලිකව අකර්මණ්‍ය වීමයි. තේරෙන භාශාවෙන් කියනාවනම්, හුස්ම ගැනීම නැවතීමයි.
ප්‍රශ්නයට පිළිතුර රෝහල වසා දමන එක නොවෙයි නේද?
හරිම උද්දච්ච දොස්තරලා ටිකක් මම නම් කියන්නේ මේ දොස්තරලාට නීතියෙන් යමක් කරන්න බැහැ. ඒක නිසා මහා ජනතාව සංවිදානය වෙලා මෙයාලාට සමාජයෙන් දෙන පහසුකම් අත් හිටවන්න ඕනේ.
රෝගියෙකුට හරියට බෙහෙතක් කර ගන්න බැරි රෝහලක් සදහටම වසා දමන එක තමයි වඩා හොඳ. මෙවැනි කුඩා රෝහල් දැන් දොස්තරලගේ දේශපාලන පක්ෂ කාර්යාල හා විවේකාගාර බවට පත්වෙලා. ජනතාවට ආරක්ෂාව සැපයීම වෙනුවට, දැන් මාෆියාව ආරක්ෂා කිරීම මේ රටේ නීතිය බවට පත්වෙලා.
වලිප්පුවට ලබාදෙන්නේ ඩයසිපාම් කියන ඖෂධය. එය ලබා දුන් ක්ෂණයෙන් ත්‍රි රෝද රථයක ළමයා රැගෙන යාම ඉතාම අනුවණ ක්‍රියාවක්. ඩයසිපාම් වල අතුරුපලයක් වූ ශ්වසන ක්‍රියාවලිය නතර වීම, ත්‍රීරෝද රථයක සිට පාලනය කරන්නේ කෙසේද? වලිප්පුව සෑදී ඕනි තරම් රෝගීන් එනවා. ඉතා කලාතුරකින් තමයි මෙවැනි සංකුලතා ඇතිවන්නේ. බොහෝ රෝගී තත්ත්ව වලදී, දෙමව්පියන් කලබල වුවද, වෛද්‍යවරුන් කලබල නොවී, ඒවා පාලනය කරයි. එවිට "වෛද්‍යවරු මොකුත් නොකරනවා නොවෙයි. යම් බෙහෙතක් දුන් පසු, ඊට වඩා සැර බෙහෙතක් යාමට පෙර, නිසි සංඥාව එන තුරු සිටිය යුතුයි. දෙමාපියන් කලබල නොවී සිටයා නම්, ගිලන් රථය එනතුරු, කුඩා රෝහලේදී දරුවාගේ ශ්වසනය පවත්වාගෙන යාමට ඉඩ තිබුනා. වෛද්‍ය උපදෙස් වලට පිටින් යාමේදී ප්‍රවේශම් විය යුත්තේ එයයි.
ලංකාව පුරාම මුන්ට වට කරලා ගහන්න ඕන
ලංකාව පුරාම වට කරලා ගහන්න ඕන....... දුප්පත් ජීවිත ගැන කිසිම තැකීමක් නැහැ පවුල් පසු බිම සොයා බැලිය යුතුය වරද එතනය.....
හොද ආරම්භයක්. රජයේ රෝහල් වල කාර්ය මණ්ඩලය හිතන්නේ අපි නිකන් බෙහෙත් ගන්න අවා. කියලා.බදු ගෙවන සමාජයේ ගෙවන බදු වලට ලැබෙන ප්‍රතිලාභයක් වශයෙන් බව අමතකයි.
හොඳ ආරම්භයක් නමුත් ප්‍රහාරය එල්ල කරන්න ඕනේ රජයේ රෝහල් වලට නොව මොවුන්ගේ පුද්ගලික බෙහෙත් ශාලා, පුද්ගලික රෝහල් , මොවුන්ට අපේ බදු මුදල් වලින් දුන් තීරුබදු රහිත වාහන වලට සහ මොවුන්ගේ පුද්ගලික දේපල වලට, මොවුන්ගේ ආඩම්බර බැලුවා හොඳටම ඇති. පුරවැසියන් වන අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සදහා සටන් වැදීමට කාලය පමණ ඇත
මේකේ තියෙන ප්‍රතිචාර දැක්කහම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන දුක හිතෙනවා ..... ඒ නිසා තමයි දේශපාලකයෝ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස කරන්නේ නැත්තේ ..... ප්‍රශ්නයක් විශ්ලේෂණය කරන්ඩ අපි දන්නේ නැහැ