ඩබ්ලිව්.ඒ. අසේල
වයස අවුරුදු එකහමාරක දරුවෙකු මිය යාමෙන් කුපිත වී පසුගිය 28 වැනි දා ගලහ ප්‍රාදේශීය රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ගලහ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලහ දෙල්තොටවත්තේ පදිංචි පුද්ගලයින් වන අතර මොවුන් අද (1) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් සොයා ගලහ පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි අවසානයට වෙන්නේ. නීතිරීති දඬුවම්වලට ලක්වෙන්නේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු. පහුගිය පාලකයන් කළ වැරැදිවලට අද දුක්විඳින්නේ පහත් මට්ටමේ ඉන්න නිලධාරීන්.... රණවිරුවන්ටත් මේක තමා අද වෙලා තියන්නේ...
වැඩිය මහන්සි වෙන්න ඕනේ නැහැ. ඕන්න ගම්මු එළියට බැහැලාලු රෝහල ආපහු විවෘත්ත කරන්න කියලා. ඒ ගොල්ලන්ටම කිව්වා නම් කට්ටියම ගැන නිසි තොරතුරක් දෙයි. ඒ කට්ටියම දාලා පුද්ගලික වියදමින් රෝහල අලුත්වැඩියා කරගත්තායින් පස්සේ නීතිමය කටයුතු කරන්න. මූණත් එක්කලා තරහවෙලා නහය කපාගෙන ඇයි ඉන්නේ කියන සිංදුව අලුත්වැඩියා කරන කාලය තුළ ඇසෙන්නට සලස්වන්න.
රජයේ දේපලවලට අලාභහානි සිදු කිරීම, බරපතල චෝදනාවක් බව මෙයාලටත් ඉගෙනගන්න ලැබේවි...
කොහොමහරි මෙච්චර ජනතාව කුපිත වෙන හේතුව වෛද්‍යවරුන්ට තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ... මේ අවස්ථාවේ වෛද්‍යවරු නිසි ක්‍රියාමාර්ග අරන් තියෙන විට ගම්වැසියන් වැරදි වැටහීමකින් පහර දීලා තියෙන්නේ... එ්ත් මෙසේ කුපිත වීමට ප්‍රධාන හේතුව තමයි වෛද්‍යවරුන් ගැන තිබ්බ විශ්වාසය ජනතාවගෙන් නැතිවීම. ඒකට පිළියමක් වෛද්‍යවරු හොයා ගත්තේ නැත්නම් මේ වගේ තව සිදුවීම ඉදිරියටත් වේවි...