IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ගාල්ලේ 28,700කට පීඩා

(සිරංගිකා ලොකුකරවිට)

හදිසි ආපදා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් අට දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 

මේ වනවිට ආපදා තත්ත්වය පහව ගොස් ඇති අතර ගිං ගඟේ ජල මට්ටම ද පහළ බැස පවතින බවත් ප්‍රදේශ කිහිපයක පහත්බිම් තවදුරටත් ජලයෙන් යටවී තිබුණ ද එම ජලය ද බැස යමින් පවතින බව ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශකයකු කීවේය.  

ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා වලින් පූර්ණ හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 158කි. අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 6785කි. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 652ක පවුල් 7697ක පුද්ගලයන් 28,684ක් පීඩාවට පත්ව සිටිති.

මේ අතර නායයාමේ අවදානමක් පවතින බැවින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පවුල් අටක් ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කර ඇතැයි ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි.



අදහස් (0)

ගාල්ලේ 28,700කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 428 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site