(බිඟුන් මේනක ගමගේ )
ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන සංචාරක හෝටල් ව්‍යාපෘතිය ගැන සංවර්ධන කමිටු කිසිවක සාකච්ඡා වී නැතැයි ද එහි ඇත්තේ ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට රහසිගතව ලබාදීමේ උත්සාහයකැයි ද විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
ගාල්ල වරාය හා රූමස්සල වෙරළ තීරය සම්බන්ධ කරගනිමින් ගෝල් මරීනා නමින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියට දැනට ටෙන්ඩර් කැඳවා ඇතැයි ද පළමු අදියරේදී ගාල්ල වරායෙන් අක්කර පහක් ලබා දී දෙවැනි අදියරේදී රූමස්සල වෙරළ තීරයත් ලබා දීමට නියමිත යැයි ද ඇමැතිවරයා කීවේය.
භූ ගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටුවා ඇති ගාල්ල වරාය මෙවැනි ව්‍යාපෘතියකට වෙන්කිරීමෙන් ජාතික ආරක්ෂාවට එල්ල වන බලපෑම ගැන නිසි තක්සේරුවක් කර නැතැයි චෝදනා කළ හෙතෙම මීට දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද කීය.
ගාල්ලේ ජනතා නියෝජිතයකු වශයෙන් මේ ගැන කිසිදු දැනුම්වත් කිරීමක් තමාට කර නැතැයි ද මෙවැනි ව්‍යාපෘතියක් රහසිගත ආකාරයෙන් සිදුකිරීම ප්‍රශ්නකාරී යැයි ද මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීමත්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල අවසර නොමැතිව තීරණ ගැනීමත් නිසා මෙවැනි විනාශකාරී දේවල් සිදුවෙනවා. මේ නිසා නොපමාව කොට්ඨාශයට වගකියන කොට්ඨාශයේම ස්ථිර පදිංචි කෙනෙක් මන්ත්‍රී ලෙසට පත්වන ක්‍රමයක් ඇතිකරන්න.
තමුන්ට අපි ඡන්දෙ දුන්නේ රට විකුණගෙන කන අයට මුක්කු ගහලා පාර්ලිමේන්තුවේ පින් පඩි කන්න නෙමෙයි. නොසණ්ඩාල වැඩ කරලා, අද අපිට කියනවා ඒවට විරුද්ධ වෙන්න... ලබන ඡන්දෙදි අපි හොඳ උත්තරයක් දෙනවා මේ සියලුම දෙනාට...
කොළඹ නගරයේ හදවත වගේ තිබෙන ගාලුමුවදර පිහිටි හමුදා මූලස්ථානය ඉඩමෙන් අක්කර පහක් මහරජා ෂැන්ග්‍රීලා හෝටලයට සින්නක්කරව ලියලා දුන්නේ කාට කියලද? කාගෙන් අහලද කියලා අහන්න... එදා නිවටයෝ වගේ ඔව් සර් එහෙමයි සර්... හොඳයි සර් කිය කියා පස්සෙන් ගිය වහල්ලුන්ට අමතක වුණාද? නැත්නම් බය හිතුණද දන්නේ නැහැ.
ඔබතුමා ඇඳගෙන ඉන්න කලිසමයි, කමිසයයි, පැළඳගෙන ඉන්න කණ්ණාඩි කුට්ටමයි.. මේ ඔක්කොම විදේශ ණය. ඉතින් මේ විදේශ ණය නැති වුනොත්... කලිසමත් නැහැ කමිසයත් නැහැ.. කණ්ණාඩි කුට්ටමත් නැහැ... ලොකුවට තිබුණු කටත් නැහැ.. !
ලංකාවේ දියුණු නගරයකට තිබෙන්නේ කොළඹ නගරය විතරයි. ගාල්ල සහ නුවරත් ඒ තත්වයට එනවට අපිත් කැමැතියි. කොළඹ තිබෙන පහසුකම් අදටත් මේ නගරවල නැහැ. මේවට රට දියුණු වෙනවට විරුද්ධ වන මේ අයට අවශ්‍ය දේශපාලන වාසි ගන්න පමණි. නූතන ලෝකය තනි වෙන්නේ නැහැ. ඇමෙරිකාව හරහට නම් චීනය ඉන්නවා. චීනය හරහට නම් රුසියාව ඉන්නවා. රටක් ආක්‍රමණය කිරීම කරනවා කියන්නේ දේශපාලන වාසි ගන්න.
අනේ මගේ කට....
මේ විනාශය කරන්නේ ඔබ නියෝජන කරන රජය නේද.?
අමු මෝඩ කතාවක්. මරීනා එකක් හදන්නෙ විදේශ යාත්‍රා නවත්තන්න. ඒවල එන්නෙ සල්ලි තියෙන විදේශිකයින්. ඩුබායිවල මරීනා එකේ තියෙන්නේ කෝටි ගණන් වටින යාත්‍රා. ඒ වගේම ලංකාවේ තියෙන බෝට්ටු හදන කොම්පැනිවලට හොඳ ඉල්ලුමක් තියෙයි. දේශීය විදේශීය කට්ටියට පුලුවන් තමන්ගෙ බෝට්ටුව මෙතන නවත්තලා තියලා අවශ්‍ය වෙලාවට සේලින් කරන්න. මේ අය ඉන්නේ හැමදේම වැරදියට දකින්න විතරයි. ඇයි ඇත්ත කියලා, හරියට වැඩේ වෙනවද බලන්න බැරි? මේ අය ඉන්නකන් ගමක දියුණුවක් දකින්න වෙන්නේ නෑ.