සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න
ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය.
පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ නිවේදනය කර තිබූ අතර අද නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය.
ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3
ජනතා විමුක්ති පෙරමුනෙන් 3
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1
ස්වාධීන මන්ත්‍රීවරැන් 1

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ සංවිදායක වජිර අබේවර්දෙන ව UNP එකෙන් ඉවත් කරන්න ඕන...එයා තමයි අවන්ට් ගාර්ඩ් එකත් යට ගහන්න වැඩ කරේ.. ගියපාර චන්දෙදි මනුෂටත් පැරදිලා ඇපත් නැතුව ගෙදර හිටිය කෙනෙක් නේ මෙයා, මේපාර ආවේ යහපාලන පිනෙන් ...UNP එක කන්නේ මෙයාල තමයි..
උඩින් සැර දල තරවටු කලාට, රහස් චන්දයක් තියපු ගමන් සිදුවුන දේ දැක්ක නේද. මේ ආණ්ඩුව තාමත් පාඩමක් ඉගෙනගෙන නැති බව පෙන්න තියෙන්නේ. දැන් ආණ්ඩුව තියෙන්නේ ටීවී වලයි රේඩියෝ වලයි විතරයි. මේ සත්‍යට මුහුණ දුන්නේ නැත්තම්, ඉලක්කම් හරඹ පෙන්න පෙන්න තමයි ඉන්න වෙන්නේ.
මීගමුවෙත් එම ප්‍රතිපලයමයි
ප්‍රියන්ත මහඋල්පතගම මතක් උනේ කාටද මේ ගේම් එකේදී,?
UNP එකේ ඡන්ද 13 නුත් 11යි හම්බ වෙලා තියෙන්නේ. තමන්ගේ අයගේවත් ඡන්ද හම්බ වෙලා නෑ. නියමයි.
මේක තමයි අගමැතිටත් වෙන්න යන්නේ. දැන් අගමැති හොඳට බය වෙලා ඇති.
20ක් එන්නෙ කොහොමද? ජෙවිපෙ ඡන්දෙ දුන්නැත්නම් පොහොටුවේ 13 ස්වාධීන 2යි මන්ත්‍රී 3යි .... ඔක්කොමෙ 18නේ යුන්පි එවුන් දෙන්නෙකුත් පොහොට්ටුවට දිලා...
එජාප ගාල්ල දිස්ත්‍රික් නායකයා ගයන්ත කරුණාතිලක හෝ උපාලි අමරසිරි කළයුතුයි. එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට දියයුතුයි. නොඑසේ නම් යූඑන්පියේ මළගම ළඟයි.
කලකට පෙර කිව්වේ සුත්තර පුංචා කියලා, ඉස්සර අමරසිරි ලඟට වෙලා ඉඳලා පස්සේ එයා කපලා දැම්මා. දේශපාලනය ජි්විකාව කරගත්ත කෙනෙකුට ලැබෙන තත්වය ගියසැරේ ලැබුණා. මේ සැරේ අහම්බෙන් ගොඩ ගියත් අනාගතේ අවිශ්වාසයි.
බලය විකිණෙනවා.