IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගාල්ලෙන් මී උණ රෝගීන් 101 ක්

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2017 වර්ෂයේ ජුනි මාසය වනවිට මී උණ රෝගීන් 101ක් වාර්තා වී ඇති බවත් රෝගීන් 04 දෙනකු මේ වන විට මියගොස් ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පාලිත විජේසේන මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී ය.

මී උණ හෙවත් ලෙප්ටෙස්පයිරෝයිස් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කරන්දෙනිය, ඇලිපිටිය, උඩුගම හා තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලිනි.

පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් ද මී උණ රෝගය පැතිරයාමේ වැඩි අවධානමක් පවතින හෙයින් වී, කුරුඳු හා තේ වැනි කෘෂිකාර්මික වගා බිම් වල වැඩ කරන සේවකයින් මේ සම්බන්ධව සැලකිළිමත් විය යුතු බවත්  ඒ සඳහා ඖෂධ ලබාගතයුතු බවත් පාලිත මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ පුරන් කුඹුරුවල මීයන් වැඩි වශයෙන් ගැවසෙන බැවින් එවැනි ස්ථාන වල වැඩ කරන පුද්ගලයින් වැඩි වශයෙන් ප්‍රවේසම් විය යුතු බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වල මී උණ රෝගයට ලබාදෙන ඖෂධ අවශ්‍ය තරම් පවතින බව ද ඒවා නිසි මාත්‍රාවෙන් ලබාගැනීමෙන් මෙම රෝගයෙන් වැලකියහැකි බවද පාලිත මහතා පැවසුවේ ය.



අදහස් (0)

ගාල්ලෙන් මී උණ රෝගීන් 101 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site