IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රතන හිමිගේ විරෝධය

(විනීතා එම් ගමගේ)
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබවඳ සොයා බැලීමට පත් කළ කමිටුව කැඳවීමට හෝ කටයුතු නොකර හොර රහසේම එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
 
කිසිදු විද්‍යාඥයකු හෝ කැඳවා විමසීමක් සිදු නොකර මෙම තහනම ඉවත් කර ඇතැයි ලංකාදීප කළ විමසීමක දී අදහස් දක්වමින් උන්වහන්සේ පැවැසූහ. 
 
තම නිරික්ෂණයන් අනුව නම් මැති ඇමතිවරු සම්බන්ධ  වී ගෙන්වාගෙන මේ වනවිට වරායේ සිරවී ඇති ග්ලයිෆොසේට් තොගය රට ඇතුළට ගැනීමට මෙසේ තකහනියේ තහනම ඉවත් කරගෙන ඇති බව පෙනී යන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
 
ජනතාව ගැන නොසිතා මෙවැනි තීරණ ගැනීම පිළිබඳ දැඩි විරෝධය පළ කරන බව රතන හිමියෝ වැඩි දුරටත් කීහ. 
 



අදහස් (12)

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රතන හිමිගේ විරෝධය

Sugandhi Wednesday, 02 May 2018 11:19 AM

මෙහෙම දේශපාලනය කරන්න හොඳ නැහැ.

:       2       19

gunarathna Wednesday, 02 May 2018 11:53 AM

විරෝධය පලකරපුවම ඉල්ලලා අස්වෙලා ගෙදර යාවි නේද.?

:       0       50

නොකවුට් Wednesday, 02 May 2018 12:42 PM

විරුද්ධයි

:       1       4

Ruwan Wednesday, 02 May 2018 01:07 PM

පොහොර නැතුව මිනිස්සුන්ට නැති ප්‍රශ්න ඇති කර මහින්දගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ඔබට මෙය නියම ඇතුල් පහරකි. නවීන් ඇමතිතුමනි, අපි සහ අහිංසක වගාකරුවන් ඔබ සමගයි.

:       315       544

BamunuarachchiWednesday, 02 May 2018 06:30 PM

ග්ලයිෆොසෙට් භාවිතා කරන්නවුන්ට ජනතාව පොලුවලින් ගහන කාලයට මේවා ගෙන්වීම නවතී. ඒ කාලය වැඩි ඈතක නොවේ.

:       0       0

සනත් ඉතාලිය Wednesday, 02 May 2018 02:39 PM

එදා සිවුර කරට අරගෙන, මහින්ද මහත්තයව ගෙදර අැරියේ මේ තහනම පෙරදැරි කරගෙන නේද? මට නම් අසන්නට තිබෙන්නේ, 1.දැන් වසවිසෙන් තොර හාල් වෙළඳ පොලේ තිබේද? ඒ කොහෙද? 2.තේ රබර් වතුවලට දමන ග්ලෛෆෝසේට් වතුරට කලවම් වී ඒ අාශ්‍රිත වැඩකරන ගොවියන් වකුගඩු රෝගවලට ලක්වන්නේ නැතිද? 3. දැන් ඔබවහන්සේ සිවුර කරටගෙන මේ ආණ්ඩුව ගෙදර යවනවාද?

:       9       172

sampath Wednesday, 02 May 2018 06:20 PM

අප හුදෙක් ගොවිපොලක කොටුවක ඉන්න සතුන් මෙනි... දේශපාලුවන් ඕන ඕන විදියට ආහාරයට ගන්න.... තවත් බල බලා සිටීමෙන් පලක් නැත, රට වෙනස් කරන තීරණය ඔබ අතේ...

:       0       16

rocky Thursday, 03 May 2018 02:11 AM

වකු ගඩු රෝගයට හේතුව මේ ග්ලයිෆොසෙට් බව රසායනාගාර පරීක්ෂණ වලින් තහවුරුවී තිබේද? ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන්නේ කවුද. මොනවාටද? ලංකාවේ ගොවියන්ට පමණක් වකුගඩු රෝග හදන්නටද? වෙනත් රටවල මේවා පාවිච්චි කරන්නේ නැද්ද? ඒ හැම රටකම වකුගඩු රෝගය පැතිරෙනවාද? ග්ලයිෆොසෙට් පාවිච්චි නොකරන රටවල වකුගඩු රෝගීන් නැද්ද? ප්‍රශ්න රාශියකි.

:       0       25

චන්ද්‍රාණි රාජමැණිෙක් Thursday, 03 May 2018 04:02 AM

රටක ජනතාවට සිදුවන ජීවිත හානි ගැන හිතන්න ඔළුවක් තියෙන නායකයින් නැති විම ගැන හිතන්න කාලයක් ෙම්. ඔබ වහන්සේගේ අදහස ඒක්ක අපි ඒකගයි.

:       0       5

saman k Thursday, 03 May 2018 04:12 AM

ග්ලයිෆොසෙට් වලට පින් සිද්ධ වෙන්න මෙපමණ කලක් ජීවත් උනා වගේ ඉතිරියත් ග්ලයිෆොසෙට් වලින්ම ඇදගෙන යමු අපේ හාමුදුරුවනේ. අන්තිමේට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

:       0       8

Thushara Weerakkody Thursday, 03 May 2018 04:24 AM

යුරෝපීය රටවල පවා ග්ලයිෆොසෙට් තහනම් කර නැත. මානව සෞඛ්‍යට ගැටලු ඇති කරන රසායනික ද්‍රව්‍ය භාවිතයට එරෙහිව යුරෝපීය රටවල ඉහළ රෙගුලාසි ඇත. වාණිජ වගාවන්හි මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

:       0       32

rocky Friday, 04 May 2018 02:51 AM

වෙනත් බොහෝ රටවල ග්ලයිෆොසෙට් පාවිච්චි කෙරේ. වල් නාශකයක් වශයෙන් ඒවා වෙනත් බොහෝ රසායනික තරම් හානිකර නැත. ඉන්ටෙර්නෙට් ඔස්සේ සොයා බලන්න. නිසි උපදෙස් නො සලකා මේවා ආහාරයට ගත්තොත් නම් විෂ වන්නට පුළුවන. මේ හාමුදුරුවන් මෙසේ විරෝධතා පල කරන්නේ කුමක් නිසාදැයි සිතා ගන්නට නුපුළුවන!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site