(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට සුදානම් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.
සභානායකවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා එම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.
‘බරපතල වකුගඩු රෝගාබාධ ඇති කිරීමට සමත් ග්ලයිෆොසෙට් පොහොර භාවිතය තහනම් කිරීමට ගෙන තිබු තීරණය පසුගිය 11 වැනිදා රජය ඉවත් කර තිබෙනවා. එය කර තිබෙන්නේ ගැසට් නිවේදනය මගිනුයි.
කැබිනට් තීරණයකින් තහනම් කළ රසායනිකය නැවත කැබිනට් තීරණයකින් තොරව ඉවත් කිරීමෙන් ඇතිවන හානිකර තත්වය බරපතලයි. අනික් අතට තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය සොයා ගන්න නැහැ. නිලධාරී කිහිප දෙනෙක්ගේ ඕනෑකමට මේ තහනම ඉවත් කරන්නේ කොහොමද? අපට ඒ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවාද?’
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.
‘ඒ පිළිබඳ උත්තරයක් විෂයබාර ඇමැතිතුමාට දෙන්න කියමු. දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මම අහන්න කැමතියි මේ තහනම ඉවත් කිරිමට කැමතිද විරුද්ධද කියලා. ඔබතුමාගේ ස්ථාවරය කියන්න.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්ලෛපොසෙට් වල අඩංගු වල් පැල වල ශාක ජාන ක්‍රියාවලි නිශේදක රසායනය තුල තමයි ඔය කියන මිනිස් වකුගඩු වලට හානිකර උග්‍ර විෂ අඩංගු විය හැක්කේ. ඒ රසායනයට වල් පැල ශාක වල ජාන තුලට පවා යන්න පුළුවන් නම් මිනිස් වකුගඩු ගැන කවර කතාද?
පාර්ලිමේන්තුවේ ඉන්න අය සමග වාද ඉල්ලන්න එපා වෛද්‍ය සංගමය සහ අනිකුත් උගතුන් සමග වාදයක් ඉල්ලන්න.