IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ග්ලයිෆොසේට් ගැන තීන්දුවක් ගන්න විශේෂඥ කමිටුවක්

ඩයනා උදයංගනී
 
ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද  පැවසීය.

 
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය දුමින්ද දිසානායක සහ අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් මෙම කමිටුව නියෝජනය කරන අතර කමිටුව සඳහා සුදුසු විශේෂඥයින් නම් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
 
මෙම කරුණ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටින සහ ඒ ගැන සොයාබැලීම් කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන්ද කරුණු විමසා තීන්දුවක් ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලය ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
 
ග්ලයිෆොසේට් වෙනුවට හානිදායී නොවන විකල්ප ඇති බව ඔවුන් ප‍්‍රකාශ කරන බව කී අමාත්‍යවරයා ලෝකයේම මේ සම්බන්ධයෙන් බෙදීමක් ඇතැයි කියා සිටියේය. ඇමෙරිකාවේ ඇතැම් ප‍්‍රාන්තවල ග්ලයිෆොසේට් භාවිතා කරන අතර සමහර ප‍්‍රාන්ත භාවිතා නොකරන බවද එස්.බී දිසානායක මහතා පැවසීය.
 
විශේෂෂඥයින් සමඟ සාකච්ඡා කර ගන්නා තීන්දුවකට  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද එකඟ  බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 



අදහස් (7)

ග්ලයිෆොසේට් ගැන තීන්දුවක් ගන්න විශේෂඥ කමිටුවක්

Chandima Tuesday, 27 March 2018 01:55 PM

ග්ලිෆොසෙට් ගැන කවුරුවත් නොකී කතාවක් මම කියනවා. ඕනෑම ශාකයක පරිවෘත්තිය ක්‍රියා නිසා ඇමෝනියා නිපදවෙනවා. ඒවා ශාකයට විෂයි. එබැවින් ඒ ඇමෝනියා විස නොවන ශිකිමික් අම්ලය නම් සංයෝගයක් බවට ශාක සෛල තුල දී පරිවර්තනය වෙනවා. ඒකට කියන්නේ ශිකිමික් අම්ල චක්‍රය කියල. ග්ලිෆොසෙට් වල තිබෙන යම් රසායනයක් මගින් මෙම ක්‍රියාවලියට අදාල ජානමය ක්‍රියාවලිය අවහිර කර ශාකය තුල ඇමෝනියා සාන්ද්‍රණය ඉහල නංවා ශාකය මියයාමට සලසනවා. ගැටලුව තියෙන්නේ මෙයට යොදා ගන්නේ ග්ලාෆොසෙට් වල තියෙන යම් අභිරහස් රසායනික සංඝටකයක්. මේ සංයෝගය තමයි ඔය කියන එක්කෝ විෂ බැර ලෝහ කොටසක් හෝ වෙනත් විසක්. පුදුමය නම් මෙය මිනිසාගේත් ඇමෝනියා වෙන් කරන බහිශ්‍රාවය පද්ධතියම තමයි ඉලක්ක වන්නේ.

:       0       22

ධනුෂ්ක Tuesday, 27 March 2018 03:01 PM

එ් කියන්නේ ලෝකයේ බෙදීමක් තියනවා. සමහර රටවලත් සමහර පැතිවලත් තහනම් කරලා තියනවා. එ් කියන්නේ ග්ලයිපොසෙට්වල මොකක් හරි අවුලක් තියනවා කියන එකනේ. මේකෙන් මිදෙන්න අමාරුයි තමා. ඉක්මන ලේසියට වැඩේ වුනාට මේක දීර්ඝකාලීනව භයානකයි. එ් භයානකකම තේරුම් ගත්ත අය තමා මේක තහනම් කරන්නේ දැඩි තීරණ අරගෙන. අැත්තටම කිව්වොත් ජනතාවට අාදරේ පාලකයන් මේක තහනම් කරනවා. මුදලට බලයට අාදරේ පාලකයන්. මේක පවත්වාගෙන යනවා. එ්කයි වෙනස

:       0       1

PerakumTuesday, 27 March 2018 11:47 PM

ධනුෂ්ක ග්ලයිපොසෙට්වල මොකක් හරි අවුලක් තියනවා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් අවුල තියෙන්නේ මෙතෙක් කවුරුවත් ඒක විද්‍යාත්මකව ඔප්පුකර නැති එකයි.

:       1       13

විදුරWednesday, 28 March 2018 04:30 AM

ධනුෂ්ක, වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල විද්‍යාත්මක ඔප්පුකිරීම් කියන්නේ බොහොම සිහිබුද්ධියෙන් යුතුව, විමර්ශන ශීලීව සිතාබලා පිලිගතයුතු දේවල්. මම එහෙම කියන්නේ වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ වලින් නිගමනවලට එන්න පාවිච්චි කරන්නේ probabilistic methods , අනෙක් ක්ෂේත්‍රවලදී විද්‍යාත්මක නිගමනවලට එන්න බොහෝවිට පාවිච්චි කරන්නේ analytical methods . ඒ වෙනස නිසා තාම වෛද්‍ය විද්‍යාවේදී ගොඩක් වෙලාවට අද හොඳයි කියන දේ හෙට නරකයි කියන්නේ. එකට හේතුව තමයි probabilistic analysis එකකදී යම් දීනක බලපෑම significant ද කියල තිරනය වෙන්නේ අත්හදා බැලීම කරන මනුස්සයා parameter values define කරන විදිහ මත.

:       0       0

රුවින් Wednesday, 28 March 2018 02:36 AM

කමිටුව පත්කරන්න දාල තියෙන සෙට් එක්ක දැක්කම තක්කෙටේම කිව්වෙහෙකි දාන කමිටුවේ තීරණේ මොකක්ද කියල. අනේ අපේ පොඩිඑවුන්ට දෙන්න තියෙන රට ගෙන හිතුවහම බය හිතෙනවා.

:       0       13

PerakumWednesday, 28 March 2018 07:38 AM

මොන විශේෂෂඥයින් කමිටුවට ආවත් අර ඇමති සෙට් එක කියන දේ තමයි අනුමත වෙන්නේ. නිකරුනේ කාලය සහ මුදල් නාස්ති කරන්නේ ඇයි? තීරණය දැන්මම කියතහැකි.

:       0       1

Perakum Wednesday, 28 March 2018 07:32 AM

විදුර ගැඹුරු වචන යොදාගෙන කියන දේ අපැහැදිලියි. මම අහන්නේ එහෙම නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ග්ලයිෆොසේට් තහනම් නොකළේ මන්ද? මොන්සන්ටෝ සමාගම හදනකොට හොඳයි. දැන් ඒකම චීනයේ හදනකොට විසයි...! ඔන්න ඕකයි ඇත්ත තත්වය. මේක තනිකරම ජාත්‍යන්තර රසායනික ද්‍රව්‍ය සමාගම් මාෆියාවේ වැඩක්. වැඩි විස්තර අවශ්‍ය නම් පස්සේ කියන්නම්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 871 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 976 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site