(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකම හෙරෝයින් මත් කුඩු විකිනීමේ නිරතව සිටි ගල්කන්දේ කුඩු දෝණි නැමති කාන්තාව සහ ඇය සමඟ සිටි පිරිමි අයෙකු හොරෝයින් මිලිග්‍රැම් 4800ක් සමඟ නිල්පනාගොඩ ප්‍රදේශයේ ලැගුම් හලකදී අද (26) මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදු කර සැකකාර කුඩු දොණි නැමති කාන්තාව හා ඇය සමඟ සිටි පිරිමි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කිරීමේදී ඔවුන් දෙදෙනාගේ ශරීරයේ පුරා කුඩු පැකට් සගවාගෙන සිටියදී පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබිණ.
කුඩු දෝණි නැමති මෙම කාන්තාවකගේ සැමියාද මීට මාස කීපයකට පෙර හෙරොයින් විකිණීමේ චෝදනාවට බන්ධනාගාරගත කර ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් වැඩේ ලේසියි. පවුලම ඇතුළේ නේ. බන්ධනාගාර කොමසාරිස්ගේ පිහිටෙන් ජයටම වැඩේ ගෙනියන්න පුළුවනි.
කෝ අපේ හිටන් මාමගේ කොළ නැති ගහ...
මරේ මරු... පවුල් පිටින් හවුල් වෙලා දැන් කුඩු ජාවාරමේ. මරණ දඬුවම නම් පවුලම මැරෙමු.