අමදෝරු අමරජීව
ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය ලෙස සැලකෙන බුදුරදුන්ගේ කේශ්ධාතු නිදන්ගත තිරියාය “ගිරිහඬු සෑය“ පුදබිමේ යුද ගැටුම් නිසා ඇණහිට තිබු පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු යළි ලබන අගෝස්තු 25 වැනි දා ආරම්භ කිරිමට නියමිත බව ගිරිහඩු සෑ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති දෙවිනුවර චන්දිම අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශවයේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක හිමියෝ පැවසුහ.
මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවමින් එහි නිල කටයුතු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානානය කරු ජයසුරිය මහතා පුදබිමේ පූජා ඔප්පුව නායක හිමියන් වෙත පිළිගැන්විමට නියමිතය.
1980 අප්‍රේල් 4 දා හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන , හිටපු අගමැති ආර්.ප්‍රේමදාස යන මහත්වරු මුල්ගල තබා ආරම්භ කළ පූජා භූමි සංවර්ධන සැලැස්ම 1985 දි පැවැති යුද ගැටුම් සමඟ අඩපණ වී ගියේය.
මේ අනුව යළි මෙම පූජා භූමි සංවර්ධන සැලැස්ම ලබන අගොස්තු 24 දා සිට 30 දක්වා පැවැත්වෙන සිව්වැනි වාර්ෂික කේෂ ධාතු පිංකම් මාලාවට සමගාමිව අගෝස්තු 25දා ආරම්භ වන බව විහාරාධිපති හිමියෝ පැවසුහ.
මේ අනුව මෙහි මුලික වටයේ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ දී විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ආජිත් පි.පෙරේරා, දිසාපති නිශ්ශංක පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


COMMENTS
ගොඩක් හොඳයි... අප බෞද්ධයන් හැටියට මේ විනාශ වන යන අපේ පෞරාණික විහාරස්ථාන හැකි පමණින් දායක වී නැවත ජනතාවගේ පුද සත්කාර සඳහා ගොඩ නැගිය යුතුය. මේ සඳහා රජයේ මැදිහත් වීම අගය කළ යුතුය.
සාදු සාදු සාදු !!! තිරියාය ගිරිහඬු සෑය පූජා භූමි සංවර්ධන සැලැස්ම හොඳින් ක්‍රියාත්මක වී ගිරිහඬු සෑය තව තවත් දියුණු වේවා !!!
නැගෙනහිර පලාතේ ඇති වැදගත් පෞරාණික පුදබිමක් වන ගිරිහඩු මහ සෑ පුද බිමට ඇතුලුවූ විට හැගෙන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ තරමටම අතීතයේ වැදගත් ආකාරයට රජදරුවන් විසින් නඩත්තු කර ඇති බවයි. අපේ අතීත මහසඟ පරපුරේ ක්‍රියාකාරිත්වය නොවන්නට මෙම බෙෘද්ධ උරුමයන් දකින්නට නොලැබෙන බව නිසැකයි. ජාතියේ මුර දේවතාවන් කියා පම්පොරි ගැසුවාට අද අපේ හාමුදුරුවරුන්ට ඒ ගරුත්වය දෙනවාද කියා දේශපාලුවන්ට මතක් කර දිය යුතුව ඇත.