IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුරුසේවා සංගම් සභාපතිට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගන්න- ජවිපෙ

(බිඟුන් මේනක ගමගේ )

බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේදී ලංකා ගුරුසේවා සංගමයේ සභාපතිවරයාට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නැයි රජයට බල කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගුරු සේවයේ සාධාරණ ඉල්ලීම් පදනම් කරගෙන වෘත්තිය සමිති ඒකාබද්ධව සංවිධානය කළ සාමකාමී විරෝධතාවයට මැර ප්‍රහාර එල්ල කළේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස් යැයි ද එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නේ යැයි ද ජවිපෙ දේශපාලන මණ්ඩලය සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

මෙය අහම්බයක් හෝ සරල සිදුවීමක් ලෙස සැලකිය නොහැකි යැයි පවසන එම පක්ෂය මෙයින් යළි පෙන්වන්නේ වෘත්තිට සමිතිවලට පහර දීමේ එජාපයේ අතීත භාවිතය යැයි ද පවසයි.

ඊනියා යහපාලන පිරුවටයට යටින් ඇති නග්න හෙළුව මෙමගින් නිරාවරණය වන්නේ යැයි ද සිය විනාශකාරී ගමනට හරස් වන බලවේගවලට එරෙහිව මැර බලය යෙදවීමට තමන් සූදානම් බව ඔප්පු වන්නේ යැයි ද ද එහි වැඩිදුරටත් සදහන් වේ. 



අදහස් (1)

ගුරුසේවා සංගම් සභාපතිට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගන්න- ජවිපෙ

kalani Friday, 06 July 2018 07:05 AM

ශ්‍රී ලංකාවේදී මේ කතාව විශ්වාශ කල නොහැකි දෙයක් නොවේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගල් ගැසීම, එකම දිශාවකට පෙළ ගැසෙන , නුසුදුසුකම් සුදුසුකම සේ සලකන දේශපාලන මැරයින්ගේ ප්‍රාථමික වනචාරි හැසිරීම සිහිපත් කරයි. බොහෝ අසාධාරනකම් අත්විඳින වෘත්තිකයින් කතා කරන්නේ සමිති නායකයින්ගේ මුවින්. එවැනි නායකයින්ට තුවාල කිරීම මගින් සටන් බාල කිරීම මෝඩ උත්සාහයකි. දුයිසෙක් පරපුර ආවේගාත්මක නැත. ඔවුන්ගේ ප්‍රශ්නවලට කුළුගෙඩි පහර එල්ල කිරීම වෙනුවට සාකච්ජාව තෝරා ගැනීම වඩාත් බුද්ධිමත් නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site