(මනෝප‍්‍රිය ගුණසේකර)
නඩු විභාගය අතරතුරදී අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක‍්‍රියාව සදාචාර සම්පන්න ක‍්‍රියාවක් නොවන බව පවසමින් එය තරයේ හෙළා දුටු කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා යළි මෙවැනි ක‍්‍රියාවන් නොකරන ලෙස දැනුම් දෙමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන්ට තරයේ අවවාද කළේය.
ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ජැනට් සැඩික් හා ලසිත පෙරේරා නමැත්තන් පසුගිය නඩු දිනයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මඟින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් අගවිනිසුරුවරයාට යොමු කළ ලිපියක පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී විනිසුරුවරුයා විත්තිකරුවන්ට එලෙස අවවාද කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු සැළකිල්ලට ගත් විනිසුරුවරයා තමාට එරෙහිව නඩු විභාගයක් පවතින අතරතුර කුමන කරුණක් සම්බන්ධයෙන් වුවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීම විත්ති පාර්ශවය විසින් සිදු නොකළ යුතු බවත් එය සදාචාරාත්මක නොවන බවත් පෙන්වා දුන්නේය.
විත්ති පාර්ශවයේ එම ක‍්‍රියාව තරයේ හෙළා දකින බව දැනුම් දෙමින් යළි මෙවැනි ක‍්‍රියා සිදුනොකරන ලෙස විත්තිකරුවන්ට තරයේ අවවාද කළ විනිසුරුවරයා ඉදිරියේදී මෙවැනි ක‍්‍රියාවක් යළි සිදුකළ හොත් දැඩි පියවර ගන්නා බවටද අවවාද කළේය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 2 වැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
618
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන්ට අවවාද
sena Tuesday, 19 June 2018 12:02 PM
ලැජ්ජයි, ඇමරිකාවේ නීතිය ගැනත් විග්‍රහ කරනවා ඒ වුනත් උසාවියේ හැසිරෙන්න දන්නේ නැහැ.
sathyapala Tuesday, 19 June 2018 12:41 PM
තමන් තරම් උගත් බුද්ධිමත් නීතිඥයෙක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. අනිත් නීතිඥ මහත්වරුන් වැස්සකටවත් නීති විද්‍යාලයට ගිහිල්ලා නැහැ කියලා කියපු කෙනා අද අධිකරණයෙන් චෝදනා ලබනවා අධිකණය තුල හැසිරෙන්න වත් දන්නේ නැහැ කියලා. මම හමදාම කියනවා වගේ වැස්සට නීති විද්‍යාලයට ගොඩවෙලා නීතිඥයෙක් උනාම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ධනුෂ්ක Tuesday, 19 June 2018 02:17 PM
මෙතුමා ළඟදී කිව්වා. ජ.වි.පෙ 20 වෙනි සංශෝධනය කෙටුම්පත් කරලා තියෙන්නේ. නීති පීඨයකටවත්, නීති විද්‍යාලයකටවත් වැස්සකටවත් ගොඩ වුන අය නෙමෙයි කියලා. එහෙමයි කියමුකෝ, හැබැයි මෙතුමා ගොඩවෙලා තියෙන්නේ වැස්සට විතරයි වගේ.
Samathasena A . Aluthgama Wednesday, 20 June 2018 02:34 AM
" හෝ -- හෝ -- ගගා සද්දෙන් උඩ පනින රළ " " සද්දේ තරමටම නැහැ නොගැඹුරු පතුල " " නිහඬ නිසල මහ සයුරේ නොමැත රළ " " දන්නෝ දනිති සෙලවෙයි දිය නොපිරි කළ "
පොහොට්ටුවා Wednesday, 20 June 2018 05:06 AM
ගම්මන්පිල ඒකාබද්ද විපක්ෂයට උදව් කරන නිසා මේවා දේශපාලන පලිගැනීම් .
kalani Wednesday, 20 June 2018 08:52 AM
ජවිපෙ 20 වැනි සංසෝධනය වැස්සකටවත් නීති විද්‍යාලයට නොගිය කෙනෙක් සකස් කර ඇති බව කියමින් සරදම් කල නීති විශාරදයාට සදාචාර සම්පන්න වෙන්න යයි අවවාද කලාම මට හරි දුකයි.මම ' පොඩි එකාගේ ලියුමක් ' වගේ ලිපියකින් මගේ දුක ලියලා යැව්වා. තැපැල් වර්ජනය එක ප්‍රමාද කරාවිද දන්නේ නැහැ.