(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිඛෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යැයි නීතීපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එය අභියෝගයට ලක් කරන පෙත්සමක් ඉදිරිපත් කළ යුතු කාල සීමාව ඇතුළත මෙම පෙත්සම් පිටපත් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට ගම්මන්පිළ මහතා කටයුතු නොකිරීම නිසා මෙම පෙත්සම ඉනත දැමිය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කීය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විමසා බලන ලෙස ඉල්ලා ගොනු කර තිබූ විශේෂ පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කෙරුණු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු දැක්වීම සිදු කරන ලදී.
මෙම විශේෂ පෙත්සම බුවනෙක අළුවිහාරේ,සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත විමලචන්ද්‍ර මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්මන්පිලගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යයි නීතීපති කියයි
pivithuruhora Saturday, 20 May 2017 04:37 AM
ආයෙත් වැඩේ අනාගෙන නාගෙන වගේ....
ruchiraSaturday, 20 May 2017 05:35 AM
මෙන්න වෙන වෙන නම් වලින් කමෙන්ට් කරනවා....
Chanak Los angeles Sunday, 21 May 2017 08:18 AM
මේක නම් වඩාත්ම අගය කළ යුතු ක්‍රයාවක්...