(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි විදුලි සෝපානය අද (8) සවස 2 ට පමණ අක්‍රීයව නැවතී තිබියදී ඉන් පිටතට බැසීමට තැත්කළ පුද්ගලයකු සිව් වැනි මහලින් බිමට වැටීමෙන් මිය ගිය බව පොලිසිය.
වරාය අධිකාරියේ සේවය කළ කඩවත සුරියපාලුව ප්‍රදේශයේ පදිංචිව සිටි අලුත් වීදියගේ ධනුෂ්ක සෙනෙවිරත්න (33) නම් පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇත.
මියගිය තැනැත්තා සහ බිරිද සිය තුන් හැවිරිදි පිරිමි දරුවාට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහලට පැමිණ මහල් අටකින් යුත් ගොඩනැගිල්ලෙහි ඉහළ මාලයක සිට විදුලි සෝපානයෙන් පහළට එමින් සිටියදී විදුලිය ඇණ හිටීමෙන් පස් වැනි මහල සහ සිව් වැනි මහල අතර සෝපානය නැවතී ඇත.
මෙහිදී රෝහලෙහි විදුලි කාර්මිකයකු ගොස් ඒ තුළ සිරව සිටි තිදෙනා අතුරින් කාන්තාව සහ දරුවා එළියට ගනිමින් සිටියදී මියගිය තැනැත්තා එහි හිදැසකින් එළියට බැසීමට තැත් කිරීමේදී බිම් මහලට ඇඳ වැටුණු බව සිද්ධිය දුටු රෝහල් සේවකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වාචාලකම් නවත්වලා මේ වගේ දේවල් බලනවා නම් හොඳයි.
විදුලි සෝපානේ සිදුරක් කොහේද?