(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටියේ හොටෙල් සමාගමක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන හතරක් යොදවා පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කළැයි දින අටක් රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය.
එක් අයකුට රුපියල් 50 000 බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් බැගින් නියම කෙරිණි.
සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසද නියෝග කෙරිණි.
COMMENTS
මහ වුන් ගාව නීතිය නැවෙනවා..මේ රට මහ රටක් හලෝ
කීර්ති, කව්රු ආවත් මෙහෙම තමයි!
මේක මහා පුදුම නීතියක් .. පොඩි මිනිහට එක නීතියක්. සිංහල රටේ වෙනසක් විය යුතුයි ඉතා ඉක්මනට...............
ඔතන හිරේ ගිය එක්කෙනෙක් බත්තරමුල්ලෙන් මාර වටිනා ඉඩමක් ගත්තා ජනාධිපති වරනෙට මාසෙකට කලින්...............
නීතියෙ කිසිම නැමීමක් නැහැ...ඔයාට පුළුවන් ද රු. 50,000/- මුදල් ඇප තියල ලක්ෂ 10 ක ශරීර ඇප තියන්න...? එහෙම පුලුවන් නම් ඉතින් ඇප ගන්න පුලුවන්..නැත්තන් ඉතින් දිගටම රිමාන්ඩ් තමයි...
මිලියන 4 අවභාවිතයට ඇප 50,000 යි අඹ ගෙඩි 3 ට ඇප ලක්ෂ 1 යි. අඹ ගෙඩියක් කීයක් විතර වටිනවද?
ඇත්ත චෝදනා සහ බොරු චෝදනා අතර වෙනස මෙයයි. බොරු චෝදනාවක් දල අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් හිරේට යවන්න චෝදනා ඔප්පු කරන්න ඕන. රටේ මිනිස්සු රවට්ටන්න බොරු චෝදනා කළාට කොහොමද ඔප්පු කරන්නේ.
මේ මහා පරිමාණ මුදල් වංචා නඩු වලට වෙන දෙය පොඩ්ඩක් අධ්‍යනය කරාම අපිට නම් තේරෙන්නේ නීතිය මොනතරමට සමච්චලයට ලක්වෙනවද කියල.මේ එන සැක කරුවන් ඉතාම සිනහ මුහුණෙන් උසාවියෙන් සැහැල්ලුවෙන් පිටව යනවා.නමුත් මුළු රටම බලන් ඉන්නවා මේ මහා විශාල මුදල් වංචා වලට දඩුවම් ලැබෙන්නේ කවදද කියල.යහපාලනයේ පක්ෂ දෙක එකතු වෙලා විශේෂ අධිකරණයක් මගින් මේ නඩු මෙහෙයවන්න ඉතාම ඉක්මනින් කටයුතු කරන්න. නැත්නම් යහපාලනය ලබන ඡන්දයේදී ඉවරටම ඉවරයි.