බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කවිතා සුබසිංහ
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද (7) දහවල් කිරිල්ලවල දී කාන්තාවකට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇත්තේ කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තබා පලා ගිය බව කියන යතුරුපැදිය කිරිල්ලවල පාසලේ සිට කිලෝමීටර් ½ ආසන්නයේ නවතා තබා සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd