(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා සේවක අර්ථ සාධක අරමුදල අතර සිදුවු ගනුදෙනු 32කදී පෑන් ඒෂියා බැංකුව අතරමැදියා ලෙස  කටයුතු කොට ඇති බවත් එවැනි  ගනුදෙනු සිදුවු සමහර ‘ඩීල් ටිකට්‘  මේ දක්වා අහවර කොට නොමැති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා බැඳුම්කර කොමිසමට අද (18) දැනුම් දුන්නේය.
 
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ   සිදු කෙරේ.