IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිනිගත්හේන- දියගල මාර්ගය තාවකාලිකව වසයි


 
රංජිත් රාජපක්ෂ      

                 
ගිනිගත්හේන ප්‍රදේශයට තවදුරටත් ඊයේ (24) රාත්‍රීයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල මංසන්ධියේ සිට ගිනිගත්හේන නගරය දක්වා අද (25) උදෑසන සිට හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කිහ.


හැටන් සිට කොළඹ දක්වාත් කොළඹ සිට හැටන් දක්වාත් ගමන් ගන්නා සියළුම වාහන  ගිනිගත්හේන,කළුගල,නොර්ටන්බ්‍රිජ් හරහා ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන්  ඉල්ලා සිටියි.


හැටන් සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන හැටන්, කොටගල දිඹුලපතන, නාවලපිටිය හරහා ධාවනය කරවන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා  ඉල්ලා සිටියි.


ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ යළිත් නායයෑමට සක්‍රීය වී ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට පියවර ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ගිනිගත්හේන- දියගල මාර්ගය තාවකාලිකව වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site