( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මැයි 26 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දුන් අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය අද ( 5) ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
එහෙත් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ පැවැත්වීමට මෙම තහනම් නියෝගය කිසිඳු බාධාවක් නොමැති බව අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් සඳහන් කළේය.
සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙසේ තහනම් නියෝගය දීර්ඝ කිරීමට නියම කර තිබේ.ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම් පිළිබඳ විභාගය ජුලි මස දෙවනදා සිදුකරන බවත් අභියාචනාධිකරණය තීන්දුවෙන් සඳහන් කළේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් පසුගිය නොවැම්බර් මස 27 වනදා තහනම් නියෝගයක් නිකුත් කරන අතර එය ඉවත් කරන මෙන් නීතිපතිවරයා විසින් ඉල්ලීම් කර තිබුණි.
එම ඉල්ලීම පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් පසුව අභියාචනාධිකරණ සඳහන් කර සිටියේ තහනම් නියෝගය දීර්ඝ කිරීම සඳහා සාධාරණ කරුණු පවතින බවයි.

COMMENTS
සාමාන්‍ය මිනිහට එක නීතියක්, මහා හොරුන්ට වෙන නීතියක්. නීතියේ ස්වාධිපත්‍යය රැකිය යුතුයි ඔක්කොටම ඉස්සරවෙලා.
බාලගිරි දෝෂය අද නෙමේ හෙට ??? 2020 වෙනකම් විතරයි
අනේ මන්දා ඇයි මෙහෙම වෙන්නේ ?
මෙයා නීතියට මෙච්චර බය ඇයි කියලා මොලේ කළදක් හරි තියෙන අයටනම් තේරෙනවා. කොහොම අපරාද ගොඩක් කරල ඇත්ද?
ජනතා පැතුම ඔබයි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයවේවා!
මේවගේ අධිකරණයක් විසිරුවා හැරිය යුතුයි. මේක ක්‍රියාත්මක වෙන දෙයක් නොවෙයි .
අත් අඩංගුවට ගන්න හිතන්න වත් එපා.
"සාමාන්‍ය මිනිහට එක නීතියක්, මහා හොරුන්ට වෙන නීතියක්"" අනේ අනේ 2009 දීත් සාමාන්‍ය නීතියට වැඩකලානම් අපි අද කොහෙද නේද. හිතා ගන්න බැරි අපි කර ඇති පාපය අපි ඔබලා අතර ඉපදීමද ඔබලා අපි අතර ඉපදීමද කියන එක.
'ගෝඨා‘ මහත්මයාණනී මිනිසුන්ගේ මෝඩ කතාවට අනුකම්පා කරන්න.
මේවගේ අධිකරණයක් විසිරුවා හැරිය යුතුයිලු ඔව් ඔව් 2009 දී මෙතුමන්ලා අපිව බේරා නොගත්තානම් අපි අපේ අධිකරණ විසිරුවා හැරලා බොහොම කල්. කුහක සිංහලයෝ
මෙයා පුදුම බයකින් ජීවත් වෙන්නේ. හමුදාවේත් වැඩි කාලයක් ඉන්නේ නැතුව ඉක්මනින්ම අයින් වුණා.
මොනම කෙනෙකුවත් නීතියට ඉහළින් නොසිටින බවද සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන බව හා සියලුදෙනා කෙරෙහි නීතිය බලපාන බව නීතියේ මුලධර්මයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට එය බලපානවද? අධිකරණ නිලදාරීන්, නිතිය ක්‍රියාත්මක කරන නිලදාරීන්, රජය ගෝඨාට බයද?