(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් අත්අඩංගුවට ගතහොත් සමස්ත මහා සංඝ රත්නය, සමස්ත දේශ හිතෛෂි පිරිස් එකතුව ඊට එරෙහිව ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(28) පැවසූහ.
ඩොලර් කාක්කන්ට සහ එන් ජී ඕ නඩවලට ගෝඨාභය රාජපක්ෂ මහතා හිසරදයක් වී ඇති බැවින් ඔහු යටපත් කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බවද අභයතිස්ස හිමියෝ කීහ.
පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ හිමියෝ මේ බව පැවසූහ.
“වර්තමාන ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරුන්ගේ සිට දුවා දරුවන් දක්වා මේ රටේ සියලූම මිනිස්සුනට අද නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. රට ලේ විලක් බවට පත්ව තිබූ ඒ බියකරු යුද්ධය අවසන් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරපු නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. ඩයස් පෝරාවට, එල්ටීටීයට සහ ලෝකය පුරා විසිර ඉන්න ජාත්‍යන්තර ඊනියා සාම බුවල්ලන්ට ඔහුගේ එම පුරෝගාමී මෙහෙවර අතිශය මරු පහරක් බවට පත්වුණා.
ගෝඨාභය රාජපක්ෂ දවසකට හෝ අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවක් වී තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නවා කියන මේ කාරණාව සිවිල් කාරණාවක් හෝ මූල්‍යමය අපරාධයක් පදනම් කරගෙන කරන දෙයක් නෙමෙයි. මේක සැලසුම් සහගතව සිදුකරන කටයුත්තක්. “යැයි අභයතිස්ස හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අත්අඩංගුවට ගැනීම බොහෝ දෙනෙක් අනුමත කරන්නේ නැහැ. නමුත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්ත වෙලාවෙ මහනුවර සංඝකතිකාවතට බෝම්බ ගහයි කියලා තර්ජනයකුත් තිබුණා. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්ත වෙලාවෙ ඔය අපේක්ෂිත තියා මොන ඇපයක් ඉල්ලන්නවත් ඉඩක් තිබුනේ නැහැ. වෙන එකක් තියා ඉන්නේ කොහෙද කියලා කිව්වෙත් නැහැනේ. ඒ ගොල්ල එහෙමයි යුදවීරයාට සැලකුවේ. මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා තමයි මේ සේරම.
වැරදි නම් නීතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද.
සරත් පොන්සේකාත් යුද්දෙට දායක වුණා නේද අපේ හාමුදුරුවනේ..... ඒ වෙලාවෙ ඔය ඊනියා විරෝධය දාන්න කොන්ද කෙලින් නොතිබුනේ මන්ද කියල වදාරන්න බැරිද?අපේ උගත් හාමුදුරුවනේ ....
ඔබ වහන්සේ ලා මෙතුමා ව 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න අර අදින බවට මත පල වෙනවා . මෙලෙස නීතියට බලපෑම් කරන නිසා ඔබ වහන්සේලා ඉන් පසුව බිහි කරන ආණ්ඩුවේ කුමන නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ දැයි අපට සිතා ගත නොහැක . . එවිට දේශප්‍රේමයේ නාමයෙන් මිනි මැරීමත්, හොරකම් කිරීමත් එවිට නීති ගත නොකරනු මැනවි .
මේක මෙතුමන්ලට ජීවිතය පිළිබඳ පාඩමක් , බලය තියනකොට තමන් හිතන් ඉන්නේ කියල .....මිනුසුනේ නිහතමානී වන්න , නිලතල නිසා හිස උදුම්මාගෙන තමන්ට වඩා පහලින් (නිලතල) සිටින අයට පීඩා නොකළ යුතුයිි....
අපේ හාමුදුරුවනේ ගෝඨාභය යුද්දෙට දායක වුණ බව ඇත්ත, නමුත් රටේ පිළිගත් නීතිය අනුව කවුරුහෝ වරදක් කරලා තියෙනවනම් නීතිය ක්‍රියාත්මක කල යුතු බව ඔබවහෙන්සේලා දන්නේ නැද්ද . උදාහරණයක් වශයෙන් රාජ්‍ය මුදල් අවභාවිතය , සිරකරුවන් ඝාතනය කිරීම , මාධ්‍යෙව්දීන් ඝාතනය (ලසන්ත) මාධ්‍යෙව්දීන් අතුරුදන්කිරීම (එක්නැලිගොඩ) මිග් යානා දුෂිත ගනුදෙනු ,සුදු වැන් භීතිය, වැනි දේවල් වලට ඔබවහෙන්සේලා මනාපද ? මේවා ගැන සොයා බලනකොට සංඝ රත්නය එරෙහි වෙනවද ?
අපේ රටේ සංඝ රත්නය රාජපක්ෂලාගේ අපරාධවලට නිහඬව හිටියෙ දැඟලුවොත් කන්න වෙන බයටද?අනිවාර්යෙන්ම තජුඩීන් ලසන්ත සහ හිරගෙදරට පැනල හිරකරුවො මැරුවට දඬුවම් දියයුතුයි.මේ එක සඝනමක්වත් හිටියෙ නෑනෙ ජෙනරාල් ෆොන්සේකාව අල්ලන් ගිහින් හිරේ දාද්දි.
හාමුදුරුවනේ , අර කතාවක් තියෙනවා " දියේ ගසාගෙන ගිය තරුණියක් බේරාගත් මිනිසෙක් ඇයව දුෂණය කරලා කිව්වලු , මැයව බේරාගත්තේ මම නිසා ඇය අයිති මටයි ඉතින් මම ඇයව දුෂණය කෙරුවට එක වරදක් නෙමෙයි කියල" ඒ වගේ යුද්ධය කලේ ගෝඨාභය එයට දායකත්වය දුන්න බව අපි කව්රුත් පිලිගන්නවා , නමුත් එකයි කියල ඔහුට කැමති දුෂණයක් මේ රටේ කරන්න බෑ. වරදක් කරලා තියෙනවනම් නීතියට යට විය යුතුයි. නිවැරදි නම් භය විය යුතු නැහැ. බුදුන් දෙසු බණ එයයි .
වැරදි කරානම් ගෝඨාභය නෙමෙයි මොන ජගතා වුනත් ඒ දේ වැරදි.
රටක් පාලනය කල යුත්තේ නිතියානුකුලව මිස එක එක්කෙනාට අවශ්‍ය ආකාරයට නොවේ. හොරු පළවාහැර යහපාලනයක් උදාකරන්න ආ ජනපතිතුමනි වහාම නීතියේ සාධාරණත්වය රකින්න. දේශපාලන අරමුණු වෙනුවෙන් නීතිය අවභාවිතයේ නොයොදන්න.
වරදක් කර ඇත්නම්, හැමෝම දඩුවම් විඳිය යුතුය. සේවයක් කර ඇත්නම් එය වෙනම අගය කල යුතුය.
වැරද්දක් කර ඇත්නම් ඕනෑම ජගතෙක් නීතියට යටත්.
දර්ශන සමග අපිත් එකඟයි.
මේ අවස්ථාවේ ඉතාම සුළු දේකට, රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් කල දේකට අත්අඩංගුවට ගැනීම මෝඩ වැඩක්. ඉතා විශාල මුදල් වංචා හා අතුරුදහන් කිරීම් ඇත්නම්, ඒවා කරලියට ගෙන ආ යුතුයි. ඔහු ඒවාට සම්බන්ධ නැත්නම් පළිගැනීම් නොකළ යුතුයි.
මේවා ලෝකයා හිනස්සන වැඩ.
මොහුව මීළග ජනාධිපති කරන්ඩ යනවලු. අපේ මිනිස්සු රටේ නීතිය දන්නැද්ද? ඔහු ඇමරිකානු පුරවැසියෙක්.ගීතට බලපාපු නීතිය මොහුටත් පොදුයි.
වරදක් කරලා තියෙනවා නම් දඩුවම් දෙන්න ඕනේ, නමුත් ඒක වරදේ ස්භාවය අනුව වෙන්න ඕන දෙයක්. සුළු වරදකට ඒ කිව්වේ කොටියෙක් මැරුවා නම්, යටත් වෙන්න ආපු කොටියන්ව මැරුවා නම්, පාතාලේ කුඩු කාරයෝ මැරුවා නම් මේ වගේ රටට සේවයක් වෙන වැරදි කරා නම් හිරේ දානවා නම් ඒක වැරදි වැඩක් මොකද ඒකෙන් වෙන්නේ රටට සේවයක් කරලා තියෙන විරුවකුගේ නම කැත වෙන එකයි, ජාත්‍යන්තර වශයෙන් රටට අපකීරිතියක් වෙන එකයි, නමුත් ලොකු වරදක් වෙලා තියෙනවා නම් අහිංසන මිනිස්සුන්ට හානියක් වෙන විදියේ එහෙනම් ඒවා එළියට ගෙනත් දඩුවම් කරාට කමක් නෑ.
ඔබ වහන්සේලා හොරුන්ට, මිනිමරුවන්ට රැකවරණය දෙන්න ඉදිරිපත් වෙන්න එපා .වැරදි කරානම් ඕනෑම ජගතෙක් නීතියට යටත්.
සංඝ රත්නයට තවත් කෙලෙහි ගුණ දන්නා 57 ලක්ෂයක් එරෙහි වෙනවා. මහා දවල් කල බැංකු හොරකම දිහා බලනකොට අරක ළූණු බිකක්. ප්‍රබාකරන් මරා රට බේරා ගත එක මිල කල හැකිද?
යුද්ධය දිනන විශාලම මෙහය කරපු සරත් ෆොන්සේකා හිරේ දානකොට අපේ හාමුදුරුවෝ හිටියේ නිදගෙනද? රටේ නිතියට විරුද්ධව ක්‍රියාකරන්න බුදු බනේ කියල තියෙන්නේ කොතනද?
සිවුරේ ඉඳන් බුදුන් වහන්සේට නිගා කරන්න එපා...
කොටි නිදහස් ,ගෝඨා අත්අඩංගුවට.මේ ආණ්ඩුව ආවේ හොරකම් කරන්නේ නැහැ කියල ඇවිත් රටේ කරපු ලොකුම හොරකම මහදවාලේ කරලා දැන් ඡන්දෙට බයෙන් මේ වගේ කුජීත වැඩ කරනවා.
මේ හාමුදුරුවරු ක්‍රියා කරන්නේ රටට ආදරයකින් නොවෙයි. තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන බලාගෙන. මේ රටේ පවතින නීතියට අනුව ගෝඨාභය හෝ වෙන ඕනෑම කෙනෙකු අත්අඩංගුවට ගන්නවනම් එය වලක්වන්න බැහැ. මේ හාමුදුරුවන්ට ගිය ආණ්ඩුව කාලේ මොනාද ලැබුනේ කියල අපි දන්නවා. හාමුදුරුවරුන්ට නැතිය අතට ගන්න ඉඩ දෙන්න බැහැ. සරත් ෆොන්සේකා කියන යුද වීරයා කිසිම නඩුවක් නැතුව බල්ලෙක් වගේ හිරේ දාන කොට මේ දේශ ප්‍රේමි හාමුදුරුවරුන්ගේ කටවල් ඇරුනේ නැහැ. සිවුරු ගෙන ඉන්න හැම කෙනෙක්ම හාමුදුරුවරු නොවෙයි කියල ජනපති තුමා කියපු කතාව හරි. මේ සේරටම හේතුව වර්තමාන ආණ්ඩුවේ නොහැකියාවයි. මේ හාමුදුරුවරු කරන වැඩ මහජනතාවට කියන්න කවුරුවත් නැහැ.
`මහා සංඝ රත්නය` ! විකාර! දේශපාලන කර ගහ ගත්තු මේ හාමුදුරුවරු කොහොමද `මහා සංඝ රත්නය` වෙන්නේ? ` ගෝඨාභය නිකාය`! මුන්නහෙලව ගණන් ගන්නේ කවුද?. හිටපු ජනාධිපති උන්නැහේ , ජාතියේම අසහාය රණ විරු ෆොන්සේකා මහත්තයට අවනීතිය ක්‍රියාත්මක කොරපු වෙලාවේ මේ හාමුදුරුවරු හිටියේ කොහෙද?`මහා සංඝ රත්නය` ..
බුදු හාමුදුරුවොත් එරෙහි වෙයිද? සංඝ රත්නය කියන්නේ කඩේ යන විස්කි බොන කට්ටියටද ? එතකොට සිල්රකින සඟ රත්නයට කියන්නේ මොකක්ද කියල ඒගොල්ලන්ගේන්ම් අහල බැලුවොත් හොඳ?
"එතකොට සිල්රකින සඟ රත්නයට කියන්නේ මොකක්ද" එහෙනම් මලින්දට රට, ජාතිය අමාරුවේ වැටුණු අවස්ථාවලදී ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වුණු සඟ රත්නයට කියන්නේ මොකක්ද? රට ජාතිය බේරා ගන්න ඉදිරිපත් වුණු සඟ රත්නය නිසා තමයි බුද්ධ ශාසනයයි, සිංහල ජාතියයි අද මේ වනතුරු බේරිලා තිබෙන්නේ. සිල්රකින සඟ රත්නය සහ සිල්රකින මිනිසුන් සිටි රටවල දැන් බුද්ධාගම නැත. ඒවා ත්‍රස්තවාදය පිරුණු හම්බ රටවල් වෙලා. ඇස් ඇරලා බලන්න මෙරටට දැනට වෙලා තිබෙන දේ සිංහල ගම් හම්බවෙලා හම්බයෝ සිංහලයාටම ගහන තත්වයට ඇවිල්ලා නේද? විස්කි බොන කට්ටිය තමයි සිවුර කරට අරන් සිංහලයාව ජාතික සටනට පොළඹවන්නේ නැතිනම් පට්ට කුහක දේශපාලකයෝ නොවෙයි. ජාතික ප්‍රශ්නවලදී සිල්රකින සඟරත්නය මොන දේකටවත් වැඩක් නැත. 1956 බණ්ඩාරනායක මහතා පංච මහා බලවේගයේ මුලින්ම පටන් ගත්තේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියලා. කටට එනවාට පිස්සු කියවන්නේ නැතිව අපි කියන ඒවා කියවා ඔලුව සුද්ද කර ගන්න.
රොකී, අඩුම ගණනේ සිංහල නමක්වත් නැතුව කොහොමද...? සිංහල හැඟීමක් ඔබලා වගේ මිනිසුන්ට එන්නේ. හම්බ හෝ දෙමළ නම් ඔහොම කීවට කමක් නැත. මොකද වතුර රත් වෙනතුරු කකුළුවාට නටන්න පුළුවන් නිසා. ඔබ සිංහල බෞද්ධයෙක් නම් තම ආගමට ගර්හනවාට වඩා හොඳයි සයනයිඩ් ටිකක් කනවා. මෙහෙමත් සිංහලයෝ.