( මනෝප‍්‍රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වළකාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (25) නියම කළේය.
මෙලෙස නියම කරන ලද්දේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.
මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ ඇතිවු එකඟතාවයන්ට අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි තම සේවාදායකයින් මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශ ලබාදුන් බවත් අධිකරණයෙන් කළ දැනුම් දීමකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටීමටට අපේක්‍ෂා කරන බවත් දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම ලබන සැප්තැම්බර් 28 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා නම් මොනවද? අපේ වත්මන් මුදල් ඇමතිතුමා කෝටි අටහමාරක් වියදම් කරලා පත්තරේ දැන්වීමක් දාපුකොට...
මේක මාර වැඩක්නේ... හොරෙකුට හොරකමක් කළාට පස්සේ ඒ හොරකම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න හා තමන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන්නත් එපා කියලා අධිකරණයෙන් ඉල්ලා හිටින්න හැකි නම් ඒ රටට මොකටද නීතියක්...
කරුණාකර කාටවත් කඩේ යන්න එපා. වැරදි දේ වැරදියි කියන්නත් හරි දේ හරි කියන ගමන් දිරිමත් කිරීමත් කල යුතුයි. සමරවිට අපි බලන දෘෂ්ටිකෝණය කාලයක් යනකොට අපටම වැරදි හෝ හරි වග දැනවී. නමුත් සැමදේම ඒ ඒ වෙලාවට අනුකුලව සිහි බුද්ධියෙන් බැලිය යුතුයි. අදහසක් පමණයි.
කරුණු එහෙම නම් ඕනෑම රජයේ නිලධාරියෙකුට පුලුවන්ද තමා වැඩකරන අමාත්‍යාංශයකින් කාගේහරි සොහොනක් හදන්න ණයක් ගන්න. ඒකත් කොටස් වශයෙන් ගෙවන්න. විශේෂයෙන් රජයේ ස්ථිර වැටුප් නොලබන තාවකාලික පත්වීමක සිටින කෙනෙකුට.
කරපු වැඩ සාධාරණය කරන අයට මොලයක් නැහැ. පියාගේ සොහොන් හදන්න ණයක් ගන්න පුලුවන්ද රජයේ ආයතනයකින්. එහෙම නම් තිබුනේ බැංකුවකින් පුද්ගලික ණයක් ගන්න. මේවා කලේ, කැලේ නීතිය යටතේ. මේවා පුද්ගලික වැඩ. මහජනතාව වෙනුවෙන් කරපු වැඩ නොවෙයි. එතකොට පුද්ගලික වැඩ වලට, ණය ගත්තේ කොහොමද රජයේ ආයතනයකින්? ආපසු ටිකක් ගෙව්වා කියලා, කල වැරදි වහන්න බැහැ. දැන් නිකම්ම ඔප්පු වෙනවනේ සල්ලි ගත් බව.
ගොටාභය මහතා ඔබලා නොසිටින්න මුළු සිංහල ජාතියටම සොහොන්කොත් සදන්නවෙන බව මේ අයට නොතේරීම සිංහල ජාතියේ අවාසනාවකි. සිංහලයෙක් වෙලා ඉපදීම ගැන ඔබට දුකක් හිතෙනවා ඇතිනේද? මටනම් සිතෙනවා,