IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


ගෝඨාට එරෙහි නඩුවේ මූලික විරෝධතාවට තීන්දුව 11 වැනිදා

(මනෝප‍්‍රිය ගුණසේකර)

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය  අද (31)  තීරණය කළේය.


මෙම උසාවියට ඉදිරිපත් කරන නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම අධිකරණය පවරා ඇති හෙයින් මෙම උසාවියට ඉදිරිපත් කරන නඩු විමසීමට උසාවිය බැඳී සිටින බව පෙන්වා දෙමින්  විත්තියේ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප  කර  නඩු විභාගය ආරම්භ කරන්නැයි ඉල්ලමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.


ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති.


2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම ස`දහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා  චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339  වැය කොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.


දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකොට ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.


ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.


අධිකරණයේ නියෝග මන අධිකරණ භාෂා පරිවර්ථක තුවාන් සදාම් මහතා විසින් විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා වෙන වෙනම කියවා දුන් අතර අදාළ චෝදනාවන්ට වැරදිකරුද? නිවැරදිකරුද? යනුවෙන් විත්තිකරුවන්ගෙන් විමසා සිටියේය.


ඒ අවස්ථාවේදී පළමු විත්තිකාර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා නඩුව විභාග කිරීමට මෙම අධිකරණයට ඇති අධිකරණ බලය සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.
ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවර දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම උසාවියට ඉදිරිපත් කරන නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම අධිකරණය ස්ථාපනය කොට ඇතැයිද අධිකරණයට ඉදිරිපත් කරන නඩු නොවිමසා සිටීමට මෙම උසාවියට හැකියාවක් නැතැයිද පැවසීය.


මෙම උසාවියට ඉදිරිපත් කළ නඩුවක් ඉවත් කරගැනීමට නීතීපතිවරයාට හැකියාවක් නැතුවාක් මෙන්ම උසාවියට ඉදිරිපත් කළ නඩුවක් නොවිමසා සිටීමට උසාවියට හැකියාවක් නැතැයිද පෙන්වා දුන් දිලීප පිරිස් මහතා අධිකරණ සංවිධාන පණත යටතේ ඇතැම් චෝදනා විභාග කිරීමට මෙම උසාවියට නොහැකි බව විත්තියේ නීතීඥවරුන් කීවත් පොදු දේපළ පනත, මුදල් විශූද්ධීකරණ පනත යටතේ ගැනෙන චෝදනා විමසීමටද මෙම උසිවියට බලය ඇතැයි පැවසීය.

අධිකරණය කියන්නේ මාධ්‍ය සංදර්ශන  පවත්වන ස්ථානයක් නොවන බවත් අධිකරණයට පැමිණෙන සාක්කිකරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවටත් පසුගිය දිනෙක තමන් කරුණු ඉදිරිපත් කළ බව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවට කිසිඳු  සම්බන්ධතායක් නැති නීතීඥවරයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය යමෙකුට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය කප්පාදු කරන බව මාධ්‍යයට පවසා ඇති හෙයින් එවැනි අදහස් දැක්වීම් වලින් ඔවුන් වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා මාධ්‍යයට අදහස් දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශ්‍යයෙන් කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින කිසිඳු  නීතීඥ මහතෙකු මාධ්‍යයට අදහස් ඉදිරිපත් කොට නැතැයි පැවසීය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ  සභාපති විනිසුරුවරයා මෙම අධිකරණයට පැමිණෙන නීතීඥවරුන් මෙන්ම සියළු දෙනාම අධිකරණයේ ගෞරවය ආරක්‍ෂා කරනු ඇති බවට තමන් විශ්වාෂ කරන බවත් කිසිවකු හෝ අධිකරණයේ ගෞරවය ආරක්‍ෂා නොකරනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග දීමට අධිකරණයට හැකියාවක් ඇතැයිද පෙන්වා දුන්නේය.

එමෙන්ම සාක්කිකරුවන්ගේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය විටෙක නියෝග දීමට මෙම අධිකරණයට බලය ඇති බවද සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා අධිකරණය අමතමින් මෙම අධිකරණය පිහිටුවනු ලැබ ඇත්තේ බරපතල ගණයේ මුල්‍යමය හා ආර්ථිකමය නඩු විමසීමට බවත් මහා බැංකුවේ භාන්ඩාගාර බැඳුම්කර නඩුව මෙම උසාවියේ විමසීමට සුදුසු නඩුවක් බවත් පැවසීය.

තම සේවාදායකයාට එරෙහි නඩුව විභාග කළ යුත්තේ සාමාන්‍ය මහාධිකරණයක බවත් අගවිනිසුරුවරයා නියෝග මත මෙම නඩුව විභාග කළ යුතු බව පැමිණිලි පාර්ශවයෙන් පැවසුවත් මෙම නඩුව විභාග කිරීමට හැකියාව තියෙනවාද? නැද්ද? යන්න තීරණය කළ යුත්තේ මෙම උසාවියෙන් යැයිද කී ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා  කෙසේ නමුත් තමන්ගේ තර්කය වන්නේ මෙම නඩුව විමසීමට මෙම අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව යැයිද පැවසීය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 11 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ  නීතීඥ වසන්ත පෙරේරා සහ රජයේ නීතීඥ උදාර කරුණාරත්න යන මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය.

 



අදහස් (4)

ගෝඨාට එරෙහි නඩුවේ මූලික විරෝධතාවට තීන්දුව 11 වැනිදා

Hafeel Thursday, 31 January 2019 11:57 AM

තමන් නිර්දෝෂී නං, ඇයි බය වෙන්නෝන? අධිකරණයට බලයක් නැතැයි කියමින් නඩුවෙන් බේරන්න උත්සාහ කරනවා.

:       0       0

Chanak los angeles Thursday, 31 January 2019 08:58 PM

අපි කියන්නේ මෙහෙම දුෂිතයන්ගේ ප්‍රජා අයිතිය අහිමිකළ යුතුය කියලයි ...

:       0       0

BamunuarachchiSunday, 03 February 2019 09:39 AM

දූෂිතකම් මොනවද කියලා පැහැදිලි කොරන්නකෝ..? ඔහෙලගේ නායකයින් ගැන අපි කතා කරන්නේ දූෂිතකම ඉස්සරහට දාලයි...

:       0       0

Chanak los angeles Thursday, 31 January 2019 11:13 PM

ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික‍්‍රමසූරිය මහතා 2013 අපේ‍්‍රල් මාසයේ ඇමරිකාවේ වොෂින්ටන් සිට ඩුබායි හරහා මත්තලට පියාසර කිරීම ස`දහා විදේශ අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් වෙන් කරගෙන ඇති බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරු (මුල්‍ය අනුකුලතා) බණ්ඩාර රත්නායක මහතා ශී‍්‍රලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (30දා) සාක්ෂි දෙමින් පැවසීය.. කොහොමද මේ හොරකම් ගිහින් තිබෙන විධිය ... මොවුන්ට පක්ෂව කොමන්ට් ලියන එවුන්ට මම කියනවා ඔලුවෙන් හිටගෙන ලියන්න කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ
2024 දෙසැම්බර් මස 03 28 0

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව නොවැම්බර් මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (3) පැවසීය.


ආනයන බලපත්‍ර නොගෙන හාල් රටින් ගේන්න අවසර දෙයි
2024 දෙසැම්බර් මස 03 126 0

ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


විපක්ෂ නායක ලේකම් පත් කරයි
2024 දෙසැම්බර් මස 03 163 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්. ජී. සී. එස්. රණසිංහ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී


අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ගේන්න කැබිනට් අනුමැතිය
2024 දෙසැම්බර් මස 03 89 0

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අස්වැසුම ලැබෙන අයට අස්වැසුමක්
2024 දෙසැම්බර් මස 03 112 0

අස්වැසුම සුබ සාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය
2024 දෙසැම්බර් මස 03 326 0

රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 30 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 653 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 833 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site