IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝඨාගේ නඩුව දෙසැම්බරයේ සිට දිනපතා විභාගයට

මනෝප්‍රිය ගුණසේකර

 

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (9) නියම කළේය.

නඩුව යළි මෙම  මස 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.



අදහස් (16)

ගෝඨාගේ නඩුව දෙසැම්බරයේ සිට දිනපතා විභාගයට

jayasekara Tuesday, 09 October 2018 05:48 AM

විජය කළා එළියේ... අඩුම ගානේ පාස්පෝර්ට් එකවත් අධිකරණ භාරයට ගත්තද?

:       1199       1886

Shan Tuesday, 09 October 2018 05:54 AM

යම්තම් ඇති එක නඩුවක් හරි පටන්ගන්නවා.

:       965       674

sam Tuesday, 09 October 2018 06:27 AM

මීලග ජනාධිපතිවරනෙට කලින් තුවක්කුවෙන් කරගන්න බැරිවෙච්චදේ මෙහෙම කරලහරි කරගන්න ඕනේ නේද?

:       421       1066

Rasmi Perera Tuesday, 09 October 2018 06:37 AM

අවුරුදු පහට එක නඩුවක්වත් ඉවරකලොත් ලොකු දෙයක්.

:       2       138

OMG Tuesday, 09 October 2018 07:13 AM

2018 ද?

:       1       20

banda Tuesday, 09 October 2018 07:29 AM

මිලියන 49 මෙයාලගේ බුදලයක්ද ?

:       105       57

Thilak Tuesday, 09 October 2018 07:50 AM

දෙසැම්බර් වෙනකන් බලන් ඉන්නේ ඇයි.

:       156       103

d.upul Tuesday, 09 October 2018 08:11 AM

තීන්දුවෙන් අපට වැඩක් නැහැ. ඉක්මනින් නඩුව අහල ඉවරකරන්න. නැතිනම් ඊළඟ මැතිවරණයේදීත් මේකම හොඳ සටන් පාඨයක් වේවි.

:       33       11

බද්රානි Tuesday, 09 October 2018 08:29 AM

අනික ඇමරිකන් පුරවැසියෙක් උනත් ජානවල සිංහල කම තිබෙන බව ඔප්පු ලාංකික සමාජයට ඔප්පු කල යුතු නොවේද? ඉතින් මෙහෙම වීර වැඩ කරලා ලංකාවේ රජ නොවී, ඇමරිකාවේ රජ වෙන්න කියලද ඔයාල කියන්නේ?

:       146       15

sam Tuesday, 09 October 2018 08:34 AM

ප්‍රේමදාස ජනාධිපතිතුමා තම මවුපියන් සිහිවෙන්න බණ්ඩාරගම පැත්තේ මවුගම සහ බලපිටියේ හෑගල්ලේ පියගම ඉදිකරා. කවුරුත් මුකුත් කිව්වේ නැහැ. ඒ සල්ලිත් ආණ්ඩුවේ සල්ලි.

:       127       280

රසික Tuesday, 09 October 2018 10:51 AM

ප්‍රේමදාස මහත්තයා කළේ, මිනිස්සුන්ට හදලා දීපු ගමට මව්ගම, පියගම නම් තියපු එක. රාජපක්ෂල කළේ, තමන්ගෙ දෙමාපියන්ගෙ කටුගෙයක් මහජන මුදලින් හදපු එක. කොහොමද මේ දෙක සමාන වෙන්නෙ?

:       289       156

Sudharma Tuesday, 09 October 2018 11:00 AM

මවුගමයි පියගමයි කතාව ඇත්ත. ඒවා හැදුවේ ගම්උදාවේ කොටසක් හැටියට. ඩිස්ලයික් දාන කට්ටිය ඉතිහාසය කියවන්න.

:       120       135

savanth Wednesday, 10 October 2018 03:38 AM

රසික, ඔය නම් දමාගැනිල්ලත් සදාචාර විරෝධී කියල ජේ වී පී සහ යු එන් පී සමගම මේ දිනවල කියන්නේ. අනික ඩී ඒ රාජපක්ෂ කියන්නේ නිකම්ම රාජපක්ෂ පවුලේ තාත්තා විතරක් නෙවෙයි 1952දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න මුල්වුණු මන්ත්‍රී වරයෙක්. ඒ බව බණ්ඩාරනායක අගමැතිතුමාම කියා තිබෙනවා වගේම අපේ දේශපාලන ඉතිහාසයේත් තිබෙනවා. ඔහොම ගියොත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබෙන බණ්ඩාරනායක කෞතුකාගාරයත් මහජන මුදලින් හැදුවේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ බිරිඳ අගමැතිනිය කාලේ නේද. ඒකටත් දැන් නඩු දාවිද.

:       30       12

gamarala Wednesday, 10 October 2018 07:18 AM

දැන් බලාගෙන ගියාම හැමෝගෙම කිල්ලෝටවල හුණු විතරක් නෙවෙයි කුණුත් තියෙනවා. අපි විතරක් නෙවෙයි ආණ්ඩුවත්, අධිකරණයත් හිතන්න. ගෝඨාභය සල්ලි උස්සලානම් වැරදියි. හැබැයි ඇත්තටම මියුසියම් එකක් හදල නම් එය පුද්ගලික දෙයක් කියලා ඔප්පු කරන්නේ කොහොමද? නීතියේ තිබෙන පෙර කල ක්‍රියාවන් කියනදේ මෙතනට අදාළ වෙන්න පුළුවන් නිසා.... බණ්ඩාරනායක, ප්‍රේමදාස යුගයේත් ඒවා කළා නම්, සේනානායකලා, බාකීර් මාකර්ලා, ටිරෝන් ප්‍රනාන්දුලා නම් දාගත්තා නම් රාජපක්ෂට විතරක් බැරි ඇයි කියලා දේශපාලනයක් නැති මම අහනවා...

:       0       0

silva Wednesday, 10 October 2018 03:50 AM

හෑගල්ලේ පියගමත් පොඩි කටුගෙයක් තිබුනා ඉස්සර. ප්‍රේමදාස මහතාගේ ගෙදර පාවිච්චි කරපු සමහර බඩු එහි තැන්පත්කර තිබුනා මතකයි. සෙක්කුවක්, ඇඳි පුටුවක් හෝ හාන්සි පුටුවක් වගේ දේවල් මට හොඳට මතකයි. ඒවායේ පින්තුර පත්තරවලත් ගියා. මේ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට නරකක් කියන්න නෙවෙයි නමුත් මේ දේවල් සිදුවුණු බව නොදන්නා රසිකට පෙන්වා දෙන්නයි.

:       35       7

silva Wednesday, 10 October 2018 06:13 AM

පුද්ගලයෙක් හරි කිසියම් කාර්යයක් හරි ඇගයීම් කිරීමේදී ධන ඍණ දෙකම බලන්න ඕනේ.ඒ බලල තමයි තීරණය කරන්න ඕනේ. මේ ඇගයීම කරන පුද්ගලයා අනුව වෙනස් වෙයි. හරියටම තමන් කල්පනා කරලා හිතල බලල කරන එකයි හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31150 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site