(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
ආණමඩුවේ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු පාසල තුළදි ඇතිවු ප්‍රශ්නයක් මුල් කරගනිමින් අද (24) දහවල්  ගැටුමක් ඇති කර ගෙන ඇත. 
 
එහිදි බරපතල ලෙස තැලිම් තුවාල ලබා සිටි එක් ගුරුවරයකු පළමුව ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කර ඇති බවත් ඉන් පසුව අනෙක් ගුරුවරයාද රෝහල් ගත වි ඇති බවත් දැනගන්නට තිබේ. 
 
සිද්දියෙන් පසුව මෙම සිදුවිම පොලිසිය වෙත නොයැමට පාසලේම ගුරුවරුන් පිරිසක් උත්සහයක් ගෙන තිබු බවත් එහි ප්‍රථිපලයක් ලෙස් දහවල් 12 පමන වන විට රෝහල් ගතව සිටි ගුරුවරුන් දෙදෙනාම සිය කැමැත්තෙන් රෝහලින් පිටව ගිය බවත්  රෝහල් බළධාරියකු පැවසීය.
 
මෙම සිද්ධියෙන් පසුව පාසල නිමාවි ආණමඩුව බස් නැවතුමට පැමිණෙමින් සිටි උසස් පෙළ හදාරන සිසුන් කණ්ඩයමක් අතර ගුටි හුවමාරුවක් ඇතිවී තිබේ.පසුව නගරයේ පිරිසක් දැඩි උත්සහයක් යොදමින් මෙම සිසුන් පිරිස වලකා ඇති අතර එහිදි සිසුන් පවසා ඇත්තේ ගුරුවරුන්ට පාසල තුළ ගුටි ඇණ ගැනිමට හැකි නම් අපිට මොකද යනුවෙනි .