නිශාන්ත කුමාර
අසල්වැසි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිව කැපුම් තුවාල ලැබූ තරුණිය අද (27) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ වයස අවුරුදු 27 ක තරුණියකි.
සිය පියා සහ අසල්වැසියකු අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත්කිරීමට යාමේදී අසල්වැසි තරුණයකු තියුණූ ආයුධයකින් තමාට පහර දුන් බව එම තරුණිය විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd