(රංජන් කස්තුරි)
කොළඹ විශ්ව විද්‍යාලයේ සේවයෙන් ඉවත් කර සිටි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු වසර 12කට පසුව නැවත සේවයේ පිහිටුවා ඔහුට සියලු හිඟ වැටුප් ගෙවීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පාලක සභාව තීන්දු කර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ධම්මික පෙරේරා මහතා මෙසේ හිඟ වැටුප් සහිතව නැවත සේවය හිමි වී තිබේ.
ඒ අනුව වසර 12කුත් මාස හතරක් හිඟ වැටුප් හා වැටුප් වර්ධක ද සහිතව ඒ මහතාට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් හිමිවීමට නියමිත බවද කොළඹ විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි.
විශ්ව විද්‍යාල ඉතිහාසයේ වැඩිම හිඟ වැටුපක් සහිතව ආචාර්යවරයකු සේවයේ නැවත පිහිටවු ප්‍රථම අවස්ථාව මෙය වනු ඇතැයි ද පැවසේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටියදී ඒ මහතාට ජපන් රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබී පශ්චාත් උපාධි පර්යේෂණයක් සඳහා ජපානයේ ටෝකියෝ නුවර විශ්ව විද්‍යාලයකට ගොස් තිබිණි.
ඒ මහතා ජපානයට එලෙස ගොස් ඇත්තේ පාලක සභාවට නොදන්වා බවත් ඒ අනුව සේවය හැර ගියා සේ සලකන බවත් එවකට පාලක සභාව තීන්දු කර තිබිණි.
එහෙත් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති දීර්ග නඩු විභෘගයකින් පසුව දුන් තීන්දු මත කොළඹ විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය පෙරේරා මහතා නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇත.
COMMENTS
ඔහුගේ ජයග්‍රහණයත් සමගම මෙවැනි අතපසු වීමෙන් රැකියාව අහිමිවූ බොහෝ දෙනෙකුට හිඟ වැටුප් සහිතව නැවත රැකියා ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
පාලක සභාවට නොදන්වා ගියාම... ඒ අනුව සේවය හැර ගියා සේ සලකන එක පුදුමයක්ද?
අයියෝ!!! අපරාදේ ජනතාවගේ සල්ලි.
මෙය ඉතා අසාධාරණ තීන්දුවකි...