IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළඹ යුද හමුදා රෝහල අයිඑස්ඕ සහතිකයෙන් පිදුම් ලබයි

ඉන්දිකා රාමනායක

කොළඹ  යුද හමුදා  රෝහල  ප‍්‍රමිති ජාත්‍යන්තර සංවිධානය  වෙතින් පිළිගත් (ISO 9001 සහතිකයෙන්  පිදුම් ලැබීය.

විශ‍්‍රාමික හා සේවයේ  නියුතු  යුද හමුදා සමාජිකයන්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට,  සිවිල් කාර්ය මණ්ඩලයට,  නාවික, ගුවන්, පොලිස්, සාමාජිකයන්ට වෛද්‍ය පහසුකම්  සපයන  දිවයිනේ  ඉතා උසස්ම රෝහල ලෙස පිළිගනිමින් මෙම ජාත්‍යන්තර ප‍්‍රමිති සහතිකය පිරිනැමු බව යුද හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයේ රෝහලක් (ISO 9001 සහතිකයෙන් පිදුම් ලැබු ප‍්‍රථම අවස්ථාව මෙය බවද හමුදාව සඳහන් කරයි. 

අති නවීන යුද හමුදා රෝහල  ඇඳන් 1024 ක්, වාට්ටු 21 ක්, දන්ත ශල්‍ය වෛද්‍ය ඒකක  12 ක්,  මෙහෙයුම් ශල්‍යාගාර 9 ක්,  එම්. ආර්. අයි. ස්කෑන් පහසුකම්,ඉහළ මහළේ  හෙළිකොප්ටර්   පථයක්,  ව්‍යාධිවේදය, විකිරණවේදය, සම පිළිබද විද්‍යා ඒකකය,  ප‍්‍රසුති කාමර,  ආපන ශාලා, ආසන 314 ක් සමන්විත ශ‍්‍රවනාගාරයක්,  රෝගීන් 1000 ට අධික  ප‍්‍රමාණයක්  දෛනිකව  පරීක්ෂා කරනු ලබන බාහිර රෝගී අංශයකින්  සමන්විත   ජාත්‍යන්තර තත්ත්වයේ  සියලූ පහසුකම් සහිත  තට්ටු 10 කින් සමන්විත මෙම යුද හමුදා රෝහල 2014 මැයි මස  5 වැනි දින  විවෘත කරනු ලැබීය.

ශි‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ  සභාපති  බන්දුල හේරත් මහතා  යුද හමුදාපතිවරයා වෙත  එම සහතික පිළිනැමු අයුරු ඡායාරූපයෙන් දැක්වේ.



අදහස් (1)

කොළඹ යුද හමුදා රෝහල අයිඑස්ඕ සහතිකයෙන් පිදුම් ලබයි

Bamunuarachchi Friday, 03 August 2018 11:51 PM

අයි.ස්.ඕ. සහතිකයෙන් සහතික වෙන්නේ නැහැ. කොලිටිය හොඳයි කියලා වරද්දගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site