(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
‘‘කවුරු මොන අසත්‍ය ප්‍රචාර ගෙනගියත් මම කිසි විටකවත් කිසි දිනකවත් කොළඹ මහ නගර සභාවේ කිසිම බුදු පිළිම වහන්සේ කෙනෙකු තියා එක තිර රෙද්දක් වත් වෙනස් කරලා නැහැ.‘‘ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
කොළඹ මහ නගර සභාව මගින් නව ඩිජිටල් තාක්ෂණය යටතේ ගොඩනැගිලි ඉදිකිරීම් ඉල්ලුම් පත්‍රයක් හඳුන්වාදීමේ නිල උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය.
තව දුරටත් අදහස් දක්වමින් රෝසි සේනානායක මහත්මිය මෙසේ ද කියා සිටියාය.
‘‘මගේ කාර්යාලයට පිවිසෙන ස්ථානයේ පෙර තිබූ පරිදිම ඒ තියන බුදු පිළිම වහන්සේ එහෙමම තියෙනවා. මට පෙර හිටපු නගරාධිපතිවරුන්ට ලැබිච්ච සිහිවටන සම්මාන පවා ඒ කැබිනෙට්ටුවල තාම එහෙමම තියෙනවා. මම තිර රෙද්දක් දොර රෙද්දක් වත් කිසිම වෙනසක් කරලා නෑ.
මම ගොඩක් කණගාටු වෙනවා මේ විදියට අපිට අවලාද නගන අය ගැන. මම මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා යම් තොරතුරක් ලැබුණාම ඒ ගැන ඒ පාර්ශවයන්ගෙන් අහලා ඒවාද සත්‍යද අසත්‍යද කියල දැනගන්න කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිර රෙදි වෙනස් නොකලට ඕන කරන ප්‍රතිපාදන නම් වෙන්කරගෙන ඇති නේද. වැඩේ වගේද ප්‍රතිපාදන. අපි නොදන්නා මේ රටේ දේශපාලනය.
තිර රෙදි ගැන කවුරුවත් ඇහුවේ නැහැනේ. ඔබ ඔබේ වැසිකිලිය නම් සුපිරි ලෙවෙල් එකට හදා ගත්තා නේද? අනේ රෝසනොනෝ, අපි දන්නේ නැද්ද ඔහේගේ පරණ කෙරුවාවල්.
රෝසි නෝනට ලක්ෂ 57 වැසිකිලියට වියදම් වෙන්නැති විසදුමක් තියෙනවා එයාගේ කාර්යාලය ළඟ පොදු වැසිකිලියට යන්න රුපියල් 10 ගානේ ටෝකන් එකක් එයටත් දුන්නනම් පොදු වසිකිලියත් හැදෙනවා ලක්ෂ 57 යන්නෙත් නැහ. හා නැද්ද ?
අපිට ඇවිත් බලන්න පුලුවනිද? ඔබට වැඩිය ඔතන සේවය කරන අය කියනදේ අපට විස්වාසයි.
‘පාකිස්තාන අගමැති, ඒ කියන්නේ මට වෙඩි නොවදින මෝටර් රථ 33 ක් තියෙනවා. හෙලිකොප්ටර් තියෙනවා. ගුවන් යානා තියෙනවා. අපේ ආණ්ඩුකාරවරුන්ටන් සුඛෝපබෝගි මන්දිර තිබෙනවා. ජනතාව වෙනුවෙන් වියදම් කරන්න අපට මුදල් නැහැ. එසේ තිබියදී අප යටත් විජිත සමයේ පාලකයන් වගේ අපට සැපට ඉන්න බැහැ. අපි ජනතා සේවකයෝ. ජනතාව අමාරුවේ දාලා අප සුඛෝපබෝගී ජීවිත ගත කිරීම ලොකු වරදක්' ඉම්රාන් ඛාන් - පකිස්ථාන වත්මන් අගමැති
කොළඹ මහ නගර සභාවේ පුරපති නිල නිවාසය අලුත් වැඩියා කිරීමට සැකසූ ඉංජිනේරු ඇස්තමේන්තුව තමයි නගර සභාවට ඉදිරිපත් වුනේ. ඒත් යන්තම් ලියන්න කියවන්න පමණක් දත් නූගත් මහජන නියෝජිතයෙක් මේක වැසිකිළියක් හදන්න යැයි කියා වැරදි මතයක් රැගෙන යනවා. මේ පිළිසකර කරන්න යන්නේ පුරපති නිල නිවස හෙවත් රජයේ ගොඩනැගිල්ලක්. ඒක මේ පුරපතිගෙනුත් පස්සේ භාවිතයට ගැනෙනවා. සම්පූර්ණ ගොඩනැගිල්ලට තමයි ඇස්තමේන්තුව හදලා තියෙන්නේ.