IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ ප්‍රකාශනයේ 20 වැනි සංවත්සරය සැමරේ

 

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය එළිදක්වා වසර 20ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී අද (27) පෙරවරුවේ ආරම්භ විය.


මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය පිළිබඳ නැවත හැරී බැලීමක් සහ එහි පසුබිම යන තේමාව යටතේ සමුළුවේ ආරම්භක සැසිය පැවැත්විණි.


ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේෂන්,  ශ‍්‍රී ලංකා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් විජයවර්ධන,  ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති මනික් ද සිල්වා,  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත සහ ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් යන මහත්වරු ආරම්භක සැසියට එක්වූහ.


ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය මුහුණ දෙන ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කර්තෘවරුන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය කි‍්‍රයාකාරීන් ආදී සියලූ දෙනා එක මේසයකට ගෙන ඒමට  ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයට  හැකි වූ බව ආරම්භක සැසිය ඇමතූ එම ආයතනයේ සභාපති කුමාර් නඬේෂන් මහතා පැවසීය. කර්තෘ සංසදයට තවමත් විද්‍යුත් මාධ්‍ය එක් කරගැනීමට නොහැකි වූ බව ආරම්භක සැසියේදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති මනික් ද සිල්වා මහතා පැවැසීය.


කොළඹ ප‍්‍රකාශනය දෙස ආපසු හැරීමට අවධානය යොමු කළ යුතු විෂය ක්ෂේත‍්‍රය ඉතා පුළුල් යැයි මෙහිදී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත මහතා කීවේය. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒමට හැකි වූයේ කොළඹ ප‍්‍රකාශනය නිසා වුවද අද කිසිවකුත් ඒ පිළිබඳ කතා නොකරන බව කී ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා රටක සිවුවැනි ආණ්ඩුව දුර්වල නම් රටේ ජනතාවගේ ප‍්‍රශ්න කතා කරන්නට කිසිවකුත් නොමැති වන බව ද සඳහන් කළේය.

ජනමාධ්‍යවේදීන්ට වූ හිරිහැර සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙස ජනමාධ්‍ය සමාජය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම මේ වන තෙක් ඉටු කර නැතැයි ද සම්පත් මහතා කීවේය.


ආරම්භක සැසියට අමතරව අද (27) තාක්ෂණික සැසිවාර දෙකක් පැවැත්විණි.


සමුළුවේ දෙවැනි සැසිය මාධ්‍ය නියාමනය යන තේමාව යටතේ ද තෙවැනි සැසිය මහජන සේවාව සහ පෞද්ගලික විකශානය: සම්මත හා ප‍්‍රමිත වැටීම නවත්වන්නේ කෙසේ ද යන තේමාව යටතේ ද , අද (27)  දිනයේ අවසන් සැසිය ආරක්ෂාව පළමුව යන තේමාව යටතේ ද පැවැත්විණි.


ඉන්දුනීසියාවේ ආචාර්ය සෝටොමෝ පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ලූකාස් ලූවර්සෝ, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, එක්සත් රාජධානියේ ඇල්බනි ඇසෝසියේට්ස් හි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඩියෙටර් ලොරේන් යන මහත්වරු සහ නෝර්වේජියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලීව් එකීබර්ග් මහත්මිය දෙවැනි සැසියේදී අදහස් දැක්වූහ.


සමුළුවේ තෙවැනි සැසියේදී සිලෝන් ටුඬේ පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ අර්ජුන රණවන, ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග, ශ‍්‍රී ලංකා විකාශනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති රවී ජයවර්ධන සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ එම්.ජේ.ආර්. ඬේවිඞ් යන මහත්වරු අදහස් දැක්වූහ. මාධ්‍යවේදී සහ ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ හිටපු සභාපති වරුණ කරුණාතිලක එම සැසිය මෙහෙයවීය.


ප‍්‍රංශ පුවත් සේවයේ ශ‍්‍රී ලංකා මාලදිවයින කාර්යාංශ ප‍්‍රධානී අමල් ජයසිංහ  මහතාගේ මෙයෙවීමෙන් ආරක්ෂාව පළමුව යන තේමාව යටතේ ඊයේ  දිනයේ අවසන් සැසිය පැවැත්විණි. බංග්ලාදේශයේ ද ප්‍රෝතොම් අලෝ පුවත්පතෙහි සම කර්තෘ මිසනූර් රහ්මාන් ඛාන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත, ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ උපදේශන ප‍්‍රධානී රවී ප‍්‍රසාද් යන මහත්වරු සහ සීමා විරහිත මාධ්‍යවේදීන්ගේ සංසදයේ නෆීසා හසානෝවා මහත්මිය අවසන් සැසිය ඇමතූහ.


දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව සැප්තැම්බර් 30 දක්වා පැවැත්වීමට නියමිතය.


සමුළුවේ දෙවැනි දිනය ගල්කිස්ස හෝටලයේදී  හෙට (28)  පැවැත්වේ.  එහිදී තොරතුරු සඳහා විශ්වීය ප‍්‍රවේශය ජාත්‍යන්තරය දිනයට සමගාමීව යුනෙස්කෝ සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වෙන සැසියෙන් දිනය ආරම්භ වීමට නියමිතය. 


එම සැසියට සමගාමීව කතානායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල සහ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේෂන් යන මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.


තොරතුරු දැනගැනීමේ අයිතිය   යන තේමාව යටතේ දෙවැනි දිනයේ අවසන් සැසිය පැවැත්වීමට නියමිතය.


සමුළුවේ තෙවැනි දිනය ද ගල්කිස්ස හෝටලයේදී පැවැත්වේ. සමුළුවේ අවසන් දිනය ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී ඉරිදා (30)  පැවැත්වීමට නියමිතය. එහිදි මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය 2018 සංශෝධනය අත්සන් තැබීම සහ එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.


ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය, ශ‍්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංමය, ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයය, ලෝක පුවත්පත් සහ පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ සංගමය, සීපීයූ මාධ්‍ය භාරය, ජාත්‍යන්තර පුවත්පත් ආයතනය හා ජනමාධ්‍යවේදීන් සුරැකීම සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය මෙම ජාත්‍යන්තර සමුලූව සංවිධානය කර තිබුණු අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සහ ශ‍්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය ඊට දායකත්වය සපයා තිබිණි.  


ඡායාරූප -රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 



අදහස් (0)

කොළඹ ප්‍රකාශනයේ 20 වැනි සංවත්සරය සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site