(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වරකාපොල නගරයේ වාහන නැවැත්වීමේදී කි‍්‍රයාත්මකවන ඔත්තේ ඉරට්ටේ නීතිය ඉවත් කර දෙන ලෙස හෝ විධිමත් අතුරු මාර්ගයක් ඉදිකර කොළඹ මහනුවර මහා මාර්ගයේ පවත්නා වාහන තදබදයට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා වරකාපොල වෙළෙද සංගමයේ සාමාජිකයින් (23) විරෝධතාවයක යෙදීම නිසා පැය හතරකටත් වැඩි කාලයක් වාහන ගමනාගමනයට බාධා එල්ලවිය.
ඔත්තේ ඉරට්ටේ නීතිය නිසා නගරයට එන පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරිකයන්ටත් බාධා සිදුවන බවට කළක් තිස්සේ බලධාරීන්ට කරුණු ඉදිරිපත් කළත් විසදුමක් නොලැබුණු අතර පොලිසිය ජනතාව හිංසාවට පීඩාවට පත්වන අන්දමින් කටයුතු කරන බව මෙහිදී පැවසිණි.
මෙම විරෝධතාවයට නගරයේ ව්‍යාපාරිකයන් සමඟ ති‍්‍රරෝද රියදුරන් ද එක්ව සිටියහ. පෙරවරු 8.00 ට පමණ විරෝධතාවය ආරම්භවූ අතර ටික වේලාවක් ගතවීමෙන් පසු මහනුවර දෙසට වාහන ධාවනය වන තීරුව අවහිරවන සේ පිරිස රැදී සිටිමින් විරෝධයේ නිරතවූහ.
මේ නිසා මාර්ගයේ වාහන ගමනාගමනයට මහත්සේ බාධා එල්ලවිය.
විරෝධතාවය පැවැත්වෙන අතර පෙ. ව 10.00 ට පමණ පොලිසිය එහි සංවිධායකයන් කිහිප දෙනෙකු සාකච්ඡාවකට කැඳවූ අතර වෙළෙද සංගමයේ සභාපති ප‍්‍රදීප් එස්. කුමාර . හිටපු ලේකම් සංජය සෙනෙවිරත්න වරකාපොල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසූරිය, ඇතුලු පිරිසක් මේ සදහා සහභාගිවූහ.
කෑගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි චාමික වික‍්‍රමසිංහ, සහකාර පොලිස් අධිකාරි ගාමිනී තෙන්නකෝන් සහ වරකාපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ජනකාන්ත යන මහත්වරුන් මේඅවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර පොලිසිය මෙම විරෝධතාවය නිසා සාමය කඩවන බවටත් මහජනයා පීඩාවට පත්වන බවටත් වරකාපොල අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ඒ බව සැලවූ වහාම සාකච්ඡාවේ යෙදී සිටි පිරිස අධිකරණය වෙත ගමන් කර ඒ සදහා පෙනී සිටියහ.
අ නතුරුව උද්ඝෝෂකයින් හමුවට ආ පොලිස් නිලධාරියෙකු ඉදිරි දිනයක සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගන්නා තුරු ඔත්තේ ඉරට්ටේ නීතිය කි‍්‍රයාත්මක නොකිරීමට කෑගල්ල පොලිස් අධිකාරිවරයා තීරණය කර ඇති බව දැන්වීමෙන් පසු පිරිස විසිර ගියහ.


28535
COMMENTS
මේ ආකාරයට පාරවල් අවහිර කරලා මහජනතාව මහමඟ රස්තියාදු කරන එක බරපතළ වරදක් විදිහට නීතිගත කරලා දැඩි දඬුවම් ලබාදෙන්න... පාලකයෝ ක්‍රියාකරන්න අවශ්‍යයි.
මාර්ග අවහිර කිරීම වරදක්. හදිසි ගමන් යන අය, ගුවන් ගමන් සඳහා යන අය, ගිලන් රථවල ගෙනියන රෝගීන් ගැන මොවුන වගකියන්නද? පාඩුව කාටද? මිනිස්කමක් සහිතව මේක කරන්න ඕනේ...
සනත් මම ඔබේ අදහසත් සමග 100% එකඟ වෙමි. උද්ඝෝෂණය කරන්න නිදහස තියෙන්න ඕනෑ වගේම සාමාන්‍ය ජන ජීවිතයට එ්කෙන් බාධා වෙන්නත් බෑ.
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් පරිදි මහා මාර්ගය අවහිර කිරීම, නිදැල්ලේ ගවයෙකු, බල්ලෙකු වැනි සතෙකු පාරට මුදා හැරීම වැනි දේ වරදක් වෙනවා. පුදුමය කියන්නේ මේ රටේ උද්ඝෝෂකයන් තම වැඩ සඳහා තෝරා ගන්නේ මහා මාර්ගයයි. අනිත් පුදුමය කියන්නේ මේ රටේ පොලීසිය ඒ වැඩ සඳහා උද්ඝෝෂකයින්ට පාර ලබාදී බියවී සිටීමයි. නීතිය අනුව කටයුතු නොකිරීමයි. අදාළ අයට උද්ඝෝෂණය කිරීම සඳහා පිට්ටනි ලබාදී පාරේ එසේ කිරීමට එරෙහිව වහාම දඬුවම් කළ යුතුයි. රතු ඇඳුම්, තොප්පි, රතු බැනර් සහ රතු පටිවලින් සැරසී විරුවන් සේ සටන් පාඨ කියා දඟලන අය රටේ නීති නොදැනීම තවත් පුදුමයකි. කාලයට සියලු පක්ෂවලට පාරේ පෙළපාලි තහනම් කොට මහජන සුභසිද්ධිය සැලසීම පොලීසියේ වගකීමයි.
ඉතාම නරක වාහන තදබදයක් තියෙන නගරයක්... මාර්ගය දෙපස වාහන නොනවත්වා වාහන නැවැත්වීමට වෙනම කොටසක් වෙන්කර මේ ප්‍රශ්නය විසඳා දෙන්න.
අලි ළඟින් කැලේ පාරවල් හදන පාලකයින්ට වරකාපොලට මංතීරු 4 පාරක් අවශ්‍ය බව නොපෙනේ..
අලි මදිවට හරක් කීවා සේ මේ පටු පාරවල් වල මොන ඔත්තේ ඉරට්ටේ නීතියක්ද? මාවනැල්ල නගරය මෙන්, කොළඹ මහනුවර මහා මාර්ගය වරකාපොල නගරයට පිටතින් සැදිය යුතුයි.