(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය 2018’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී හෙට (21) සිට මෙම මස 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත‍්‍රී 9.00 දක්වා පැවැත්වේ.
මෙවර මෙම පොත් ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ 20 වැනි වරටය.
එය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (21) පෙරවරු 9.00ට සිදුකිරීමට නියමිතය.
මෙවර පොත් ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රදර්ශන කුටි 400ක් පමණ ඇතුළත් බව ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ලංකාදීපයට පැවසීය.
දිවයිනේ ප‍්‍රසිද්ධ පොත් ප‍්‍රකාශන ආයතන මෙන්ම චීනය, ජපානය, ඉන්දියාව, ජර්මනිය, එංගලන්තය වැනි විදේශීය රටවල පොත් ප‍්‍රකාශන ආයතන 30ක් පමණ ද මෙවර පොත් ප‍්‍රදර්ශනය හා එක්වී සිටින බව සභාපතිවරයා සඳහන් කළේය.
පොත් ප‍්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සංස්කෘතික සංදර්ශන, සංගීත වැඩසටහන් ආදිය මෙන්ම නව පොත් එළිදැක්වීම් ඇතුළු කටයුතු රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි ද ඔහු පැවසීය.
පොලීතීන් භාවිතය අවම කරමින් ප‍්‍රදර්ශනය පැවැත්වීමට ද සැලසුම් කර ඇති නිසා පොත් ගෙනයාම සඳහා සුදුසු බෑග් රැගෙන එන ලෙස පැමිණෙන පාඨකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම තදබදය වැඩියි. පොත් ගන්නවට වඩා දැක බලා ගන්න එන පිරිස වැඩියි.
ඉස්සර තිබුන ගතිය දැන් නැහැ
ඉස්සර වසරවල ආපු හොඳ අය මේ වසරේ නැහැනේ
අද උදේ නම් සෙනඟ නැහැ... මම ගියා. හේදිලා ගිහිල්ලා වගේ...