(ඩයනා උදයංගනී)
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් පාලින්දනුවර, බුලත්සිංහල, කිරිඇල්ල, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය හා කළුතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු ගඟ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
මීට අමතරව කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් හා නිල්වලා ගඟේ ජල මටට්ම පානදුගම ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ළගා වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය.
රත්නපුර, කලවාන, වැද්දාගල යන ප‍්‍රදේශය ඔස්සේ ගලා බසින කුඩා ගඟ ද මේ වන විට පිටාර මට්ටමේ පවතින බව වාර්තා වේ.
කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයට අයත් ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කිරීම නිසා මෝල්කාව බුලත්සිංහල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර එහි රථවාහන ගමනා ගමනය ද ඇන හිට ඇත.
කැලණි සහ ගිං ගංගාවන්හි ජල මට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද වාරිමාර්ග අධ්‍යක්‍ෂවරිය ප‍්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්