(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම අද(13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
ජන මාධ්‍ය ඇමැතිවරයාව සිටි සමයේ දී සිය දුරකථන දීමනාව රුපියල් 40,000ක්ව තිබියදී ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් වැයකර එය රාජ්‍ය මුද්‍රණ සංස්ථාව මගින් පියවා ගැනීමට එහි කළමනාකාරවරයාට බල කිරීම යන චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.
මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ඔහුගේ නවාතැන් දීමනාව ලෙස රුපියල් හත් කෝටි තිස් හතර ලක්ෂයක් ගෙවීමට සංස්ථාවේ මුදල් කළමනාකාරවරයා පෙළඹවීම යන චෝදනාවට ය.
ඒ අනුව ලබන ජූලි 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් හත් කෝටි ගණනක් වගේ සුළු මුදලක් වංචාකලාට මොකට චෝදනා කරනවද?
මේ වගේ අයට වෙන දේ දන්නවානේ... ඉතින්