IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කිසිවක් නොකියා පිටව ගිය රන්ජන් මාධ්‍යවේදීන්ට පළ නොකියා පළා බෙදයි

පුෂ්පකුමාර මල්ලවආරච්චි

රන්ජන් රාමනායක හා ඉන්දික අනුරුද්ධ මහත්වරුන් අතර ගැටුමක් නිසා පසුගිය මාසයේ රටපුරා මහත් ආන්දෝලනයකට පත්වූ දිවුලපිටිය සම්බන්ධිකරණ  රැස්වීමට අද 20 සවස පැමිණි සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විනාඩි 10 ක් පමණ එහි රැඳී සිට කිසිවක් ප්‍රකාශ නොකර පිටව ගියේය. පසුගිය මස පැවති රැස්වීමේදී නියෝජ්‍ය ඇමතිවරයා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ගැටුමක් ඇතිවීමෙන් පසු මෙම රැස්වීම පැවත්වූයේ  අද 20 පස්වරුවේය.

පස්වරු 2.20 ට පමණ එම කමිටුවේ සම සභාපති පලාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීඹ ආරම්භ කෙරුණු අතර පස්වරු 3.10 ට පමණ නියෝජ්‍ය ඇමතිවරයා එහි පැමිණියේය. විනාඩි 10 ක් පමණ රැදී සිටි එම කමිටුවේ සම සභාපතිවරයාද වන  නියෝජ්‍ය ඇමතිවරයා මරඳගහමුල කාර්යාලයට යන බව කියා පිටව ගිය අතර ප්‍රකාශයක් ලබාදීමට එම කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය. 

සම්බන්ධිකරණ රැස්වීමෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය ලබා ගැනීම සදහා එම කාර්යාලයට ගොස් ඉදිරිපස වාඩීවී සිටියහ. මෙම අවස්ථාවේදී “කවුද ඕයි ඔනන ඉන්නේ යනවලකෝ“ කියා හඩක් කාර්යාලය ඇතුලෙන් ඇසුනු අතර මොහොතකින් මාධ්‍ය වේදීන් කරා පැමිණි ඇමතිවරයාගේ ඡායාරූප ශීල්පියා ඔයාල මෙතනින් එලියට යන්නැයි පැවසීය.

ඒ අනුව මාධ්‍යවේදීන් පිරිස කාර්යාලය ඉදිරිපස මාර්ගයට පැමිණි පසුව කාාර්යාලීය සේවක පිරිසක් විවිධ කරුණු කියමින් මාධ්‍යවේදීන් අස්වස්සන්නට කටයුතු කරනු ලැබුවත් මාධ්‍යවේදීහු ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර පිටව ගියහ.



අදහස් (5)

කිසිවක් නොකියා පිටව ගිය රන්ජන් මාධ්‍යවේදීන්ට පළ නොකියා පළා බෙදයි

siri Thursday, 20 April 2017 09:06 PM

"ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි"කියන්නේ මේවට තමා.මෙය ගිය තැන "හත් පොලේ ගගන්නවා"

:       0       0

ලුම්බිණි Friday, 21 April 2017 04:39 AM

රන්ජන් රාමනායකටත් අනික් දේශපාලකයන්ගේ ලෙඩේ බෝවෙලාද?

:       0       0

thilina Friday, 21 April 2017 05:28 AM

නළුකම දේශපාලනය කරගත් මොවුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? පසුගිය දවස්වල මෙයාව උඩ තියාගෙන ගිය කට්ටිය මෙයාගේ ඇත්ත මූණ තාම දැකල නැතුව ඇති නේද?

:       0       14

mahee Friday, 21 April 2017 08:01 AM

ඇයි මේ මාධ්‍යවේදීන් තේරුම් ගන්නේ නැත්තේ? නිශ්ශබ්දතාවයත් ප්‍රකාශයක් බව? ඔය දැන් අගේ ඇති වාර්තාවක් ලියල තියෙන්නේ. කියන්න දෙයක් නැත්නම් නිකම් දොඩවනවට වඩා නිශ්ශබ්දවීම තමයි හොඳ. අපිට දැන් දෙඩවිලි ඇතිවෙලා තියෙන්නේ.

:       0       0

narada Friday, 21 April 2017 08:08 AM

මාධ්‍යවේදීන් නේද? පස්සෙන් යන්නේ...හොද වැඩේ....

:       212       525

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site