(උපාලි රණවීර)
කොළඹ නගර සභාව මගින් දොම්පෙ කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට කසල රැගෙන ඒමට බාධා කළැයි අධිකරණයට ඉදිරිපත් කර සිටි දොම්පෙ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා ඇතුළු 7දෙනකු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහැරිමට පූගොඩ මහේස්ත‍්‍රාත් නිලූපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.
කසල රැගෙන එන නගර සභාවේ ලොරිවලට බාධා කිරීම, ඊට එරෙහිව විරෝධතා දැක්වීම හා ලොරිවල සේවකයින්ට තර්ජනය කිරීම, අඩත්තේට්ටම් කිරීම, නිලධාරින්ගේ රාජකාරීයට බාධා කිරීම යන චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර තිබිණි.
අද(25) අධිකරණයේ පෙනී නොසිටි හයවන සැකකරුට අගෝස්තු 8 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd