(බිඟුන් මේනක ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල කරදියාන කසල අංගනය වෙත කොළඹ මහ නගර සභාවට අයත් කසල මෙට්ට්‍රික් ටොන් 350 ක් බැහැර කිරිමට කැස්බෑව අධිකරණය දුන් නියෝගයට අනුව කසල බැහැර කිරිම පැමිණි ලොරි රථ වලට බාධා කරමින් කසල අංගනයේ තිබෙන උද්ඝෝෂණය මෙහෙය වු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුළු හත් දෙනෙකුට අප්‍රේල් 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කෑස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා අද (21) නොතිසි නිකුත් කළේය.
එම නොතීසි පිලියන්දල පොලිසියේ නඩු මෙහෙයුම් අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.ආර්.එම්. සෙනෙවිරත්න මහතා ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඒවා බෙදා දෙනු ලැබීය.
COMMENTS
සමහරු බලන් ඉන්නේ කුණු ප්රශ්නය වැඩි කරලා ... ප්‍රාදේශීය සභාව දිනන්න. ඔච්චර රටට ආදරේ නම්, මේ ප්‍රශ්නේට විසඳුමක් ඉදිරිපත් කරන්නකෝ...
නීතියේ ආධිපත්‍යය ගැන පට්ට ගහන දේශපාලකයන්ම නීතිය තුට්ටුවකට මායිම් නොකරන එක හැමදාම දකින්න ලැබෙන දෙයක්. අධිකරණයක් තීන්දුවක් දෙන්නේ දෙපැත්තටම කන්දීල. අධිකරණය වැරදි නම් යන්න තැන් තියෙනවා. ඒ මහපාර නම් නෙමෙයි.
ලංකාවේ ඉන්නේ නියම ජනාධිපතිවරයෙක්. අතිසාරේට අමුඩ ගහනවා වගේ. ගොවියෙක්ගේ පුතෙක් නිසා වෙන්නැති...