තිලිණි ද සිල්වා
කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සලකා බැලීම ලබන අගෝස්තු 09 වැනිදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු තළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳැවිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහනගර සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කරනු ලැබ සිටියි.
කැලිකසළ බැහැර කිරීම පිළිබඳව විධිමත්, විද්‍යාත්මක ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමින් ගැටලු රාශියක් පැන නැඟී ඇති බවත්, මීතොටමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ඉකුත්දා සිදුවූ ඛේදවාචකය එයින් එකක් පමණක් බවත්, රට පුරා එවැනි ගැටලු දකින්නට ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd