විනීතා එම් ගමගේ
කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාල දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (08) සවස සිදු කිරීමට තීරණය වී ඇත.
ආදාහන පූජෝත්සවය පැවැත්වෙන වේලාව සහ ස්ථානය පිළිබඳව අද (3) සවස පැවැත්වෙන දායක සභාවේ විශේෂ රැස්වීමකදී තීරණය කෙරෙනු ඇතැයි බෞද්ධයා නාලිකාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
උන්වහන්සේගේ දේහය අද රාත්‍රි 10ට පමණ විහාරස්ථානයට වැඩමවීමට නියමිත අතර රාත්‍රි 12 න් පසු ජනතාවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා
රජින්ද Saturday, 03 March 2018 09:28 AM
මේ යහපාලනය ආවත් හරි අපේ රටේ උගත් ශික්‍ෂාකාමී භික්‍ෂුන් වහන්සේලා කීනමක් අපවත් වුණාද? රටේ අවාසනාව.!!!
DarshanaSaturday, 03 March 2018 01:55 PM
ඔබ හරි, රටේ අවාසනාව.
SamanSaturday, 03 March 2018 05:04 PM
අනේ ඇත්ත, මරණයටත් දේශපාලන වහල්භාවය ගෑවුණු වගයි. හැබැයි බුදුන් දේශනා කලේ 'උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී " කියලා.. ඒකට යහපාලනයද, රෙජීමයද අදාල නැහැ... කර්මානුරූපීව සියල්ල සිදුවෙනවා.
channSunday, 04 March 2018 06:32 AM
පින්වත, අමාමහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව, මිනිසෙකුගේ මරණය සිදුවන්නේ, ඔහු හෝ ඇය ගැන ආයුෂ මත බව නිතර මෙනෙහි කරන්න.
Ranjith Suriyakula Saturday, 03 March 2018 12:49 PM
හිතවත, කෙනෙකුගේ වයස ඔහුගේ හෝ ඇයගේ කර්මශක්තිය අනුව මිස දේශපාලකයන් විසින් නිගමනය කරන්නේ නැත. ඔබගේ නොදන්නාකම මිස තව බොහෝ දෙනා පරලොව ගොස් ඇත. ඒවත් ඔවුන්ගේ කර්ම ශක්තිය අනුව සිදුවී ඇත. මිනිසත් බව ලැබෙන සියලුම දෙනා නිවන් අවබෝධ පිණිස කර්ම ශක්තියෙන් ආපු දෙය නොකර පරලොව යති. බොහෝ කලකින් ලැබෙන මිනිසත් බැවින් ඵල ලබන්නේ ඉතාමත් සුළු පිරිසකි. ලක්බිම ඉපදී ඇති අපිට මේ වාසනාව ලැබී ඇත. සුවපත් වේවා!!!
අනුරුද්ධිකා දිසානායක Sunday, 04 March 2018 04:50 AM
කුසල ධම්ම හිමියනි, ඔබ වහන්සේ අපට අහිමි වූයේ රටට ඔබ වහන්සේගේ සේවය අත්‍යාවශ්‍ය මොහොතකය. ඔබ වහන්සේගේ අඩුව අදට වඩා හෙට අප මාතෘ භූමියට තදින්ම දැනේවි. රට, ජාතිය, ආගම ගැන සෘජු අදහස් නොබියව ප්‍රකාශ කළ ඔබ වහන්සේ ජාතික වීරවරයාණන් වහන්සේ නමකි. දෙවු ලොව සිට මනු සත් දෙරණට ඔබ වහන්සේ වැඩියේ බෞද්ධයා මාධ්‍ය ජාලය නැමති බීජය රෝපනය කිරීම සඳහාය. අද එම බීජය විශාල අතු පතර විහිදුනු දැවැන්ත වෘක්ෂයක් බවට පත්ව අවසන් ය. එම වෘක්ෂයේ අතු ඉති තව චිරාත් කාලයක් ගත වන තෙක් කිසිවෙකුටත් කඩා, කපා සිද බිද දැමිය නොහැකි අයුරින් වර්ධනය වී ඇති බව දන්නා නිසාවෙන්ම ඔබ වහන්සේ නැවත දෙව් ලොව වෙත වැඩම කර ඇත. කුසල ධම්ම හිමියන්ට සිදු කරන සැබෑම පූජාව සැබෑම ගෞරවය නම් උන් වහන්සේ පැතූ ලොව ගොඩ නැගීමයි. එනම් උන් වහන්සේ රෝපනය කළ ධම් වෘක්ෂයෙන් ධම් ඔසු පානය කර සසර දුක නැමති රෝගය සුවපත් කර ගැනීමයි. ලෝක සත්වයාගේ සසර දුක නැමති රෝගයට ඇවැසි ඖෂධය වන බෞද්ධයා මාධ්‍ය ජාලය නැමති දැවැත්ත වෘක්ෂය බිහි කළ පින ඔබ වහන්සේ ට පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහා ම හේතු වේවා !
Aluthgama A. Samathasena. Monday, 05 March 2018 11:55 AM
සුමදුර හඩින් අප සැම සිත් පහන් කොට ධර්ම දානය දුන් ඔබවන්සේට අමාමහ නිවන් සුව.