IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොස්තාපල්ට පහර දී අධිවේගයෙන් පනින්න ගිය අලව්ව ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම ගැලනිගමින් අණ නොතකා ධාවනය වූ ලොරියක් කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කොතලාවල පිවිසුමෙන් පිටවීමේ දී පොලිස් කොස්තාපල්වරයකුට පහර දී පලා යාමට උත්සාහ කළ ලොරියේ රියදුරු අද (17) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.‍


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි අලව්ව ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකි.


සැකකාර මන්තී‍්‍රවරයාගෙන් පහර කෑ කොස්තාපල් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් කොස්තාපල්වරයා පහර දුන් බව පවසමින් මන්තී‍්‍රවරයා ද මේ වන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම රෝහලේ ම ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.


ලොරියේ පිටුපස විදුලි ලාම්පු නිසි අයුරින් කි‍්‍රයාත්මක නොකිරීම ද යන කරුණු දුටු ගැලනිගම පිවිසුමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා එම ලොරියට නැවැත්වීමට සංඥා කිරීමේ දී එය අණ නොතකා කොළඹ දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (6)

කොස්තාපල්ට පහර දී අධිවේගයෙන් පනින්න ගිය අලව්ව ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

රවින් Friday, 17 August 2018 12:51 PM

මන්ත්‍රීවරයෙක් නේද? ඔලුවටම තියලා දාන්නයි තිබුනේ. මේ අයට ඡන්දය දුන්න අයට අමු කැවිලද? අන්තිමට අර නීතිය ක්‍රියාවට නංවන්න ගිය නිලදාරියා වැරදියි කියලා හාල් පාරු නිගමනයක් දීලා සමාව ගන්න කියලා කියන රටනේ මේක...

:       0       344

rocky Friday, 17 August 2018 01:01 PM

මේ ප්‍රාදේශීය සභාවලට තෝරා ගෙන ඉන්නේ අයි.අාර්.සී. කාරයන්වද? ප්‍රාදේශීය සභා මුළුමනින්ම අහෝසි කරලා දානවා නම් රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මීට වඩා ලේසියි.

:       104       396

sumanapala Friday, 17 August 2018 02:01 PM

එයාගේ පක්ෂේ මොකද්ද කියන්නකෝ? එයා යූ.එන්.පී. ද ෆොට්ටුවේ කෙනෙක්ද? මම හිතන්නේ පොහොට්ටු කෙනෙක් කියලයි. යූ.එන්.පී. කෙනෙක් නම් කෙලින්ම දානවා එක.

:       290       397

RNG Friday, 17 August 2018 03:11 PM

ඕකෙ අනිත් පැත්තනේ වෙන්නෙ. . පොහොට්ටුවෙ කෙනෙක් නම් කෙලින්ම දානවා.ආණ්ඩුව ට සම්බන්ධ එකෙක් නිසා නොදාන්න ඇත්තෙ

:       181       232

SamanMonday, 20 August 2018 01:29 AM

අධිවේගී මාර්ගයේ කොතලාවල පිවිසුමේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ අලව්ව ප්‍රාදේශීය සභාවේ මෙම මන්ත්‍රීවරයා පැනගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ රැඳී සිටියදීයි.

:       0       1

ඩී. ජයදේව Friday, 17 August 2018 02:31 PM

පොල් ලෙල්ලක්ද?

:       0       209

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site