
සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් බව කියන එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ප්‍රමාද නොකර දඩුවම් පමුණුවන්නැයි, කොෂෝග්ජිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් මෙනෙවිය ප්‍රකාශ කරයි.
ලැබී ඇති ඇමෙරිකානු බුද්ධි වාර්තා අනුව, සල්මාන් කුමරු එම ඝාතනයට සිය අනුමැතිය පළකර ඇතැයි තහවුරු වී තිබේ.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයකු වූ ජමාල් කෂෝග්ජි, සවුදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දැරුවේය. සවුදියේ සිදුවෙන දේශපාලන පළිගැනීම්, ඝාතන සම්බන්ධයෙන් ඔහුගේ විරෝධය සල්මාන් කුමරු වෙත එල්ල විය.
වර්ෂ 2018 ඔක්තෝම්බර් 2 වන දිනයේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී, කෂෝග්ජි කෲර ලෙසින් ඝාතනය කෙරිණි. සෞදි රජයේ ඉහළ ම තනතුරු හා සම්බන්ධතා පවත්වන පිරිසක් විසින් මෙම ඝාතනය කරන ලදැයි රජයට ද චෝදනා එල්ල විය.
ඉකුත් සිකුරාදා දිනයේදී ඇමෙරිකානු බුද්ධි වාර්ථා අනාවරණය කළේ, එම ඝාතනය සල්මාන් කුමරුගෙ අනුමැතියට යටත්ව සිදුව ඇති බවයි. කෙසේවෙතත් සවුදි රජය විසින් මෙය ප්‍රතික්ෂේප කරන ලදී.
"සවුදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුට තවත් ප්‍රමාද නොකර දඩුවම් හිමි විය යුතුයි. ඔහුට දඩුවම් නොදුන්නොත් එයින් අදහස් වෙන්නෙ, වැරැද්දක් කළයි ඔප්පු වුණු අපරාධකරුවෙක්ට පහසුවෙන් තමන් කළ චෝදනාවෙන් ඉවත්වෙලා යන්න පුලුවන්ය කියන සදාතනික බයානක පණිවිඩයයි. එවැන්නක් වීම අපි හැමෝටම තර්ජනයක්" යැයි සෙන්ගිස් මෙනෙවිය සදහන් කළාය.
(රොයිටර්)
6844
COMMENTS
නව ලෝකයක් බිහිකිරීමට ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අභීත මාධ්‍යවේදියාට සැමගේ උපහාරය...!!! තම ජාතියේ .., තම වර්ගයාගේ.., තම රජුගේ වුවද, වරද හා අසාධාරණකම් ඉදිරියේ නොබියව සටන් වැදුණු මේ උදාර පුරුෂයා අන්තවාදී ලෙස සිතන ඇතැම් මුස්ලිම්වරුන්ට ආදර්ශයක්... දේශපාලකයන් වන්දනාමාන කොට, ගැත්තන් සේ ඔවුන් සරණ ගොස් සියලු සැප ලබනා ඇතැම් මාධ්‍යකරුවන්ටත් ඔහු අගනා ආදර්ශයක්... මෙවැනි වීරයන් මිය යනුයේ ශරීරයෙන් පමණි. සල්මන් රුෂ්ඩි ද මෙවන් අභීත මිනිසෙකි.
සෞදි අරාබියාවේ නීතිත්, මේ රටේ නීතිත් එක වගේ තමයි ක්‍රියාත්මක වෙන්නෙත්...
මරණය නියත බව දැන සිය වගකීම ඉටුකළ ප්‍රගීත්, ලසන්ත ඝාතකයින්ටත් දඬුවම් ලබා දෙනු...!!!
ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන මෙතනදී කෝ...?
එතකොට එයාගේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා යන්න කට්ටිය නැද්ද? මම අහන්නේ ඔය බටහිර රටවල නටන එන්.ජී.ඕ. කාරයින් ගැන..