IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුවේට් සිට පැමිණි මගියා ගුවන් යානය තුළදීම මියයයි

(ටී. කේ. ජී. කපිල )


කුවේට් සිට ශ්‍රී ලංකාව බලා  අද (05) අලුයම පැමිණෙමින්  තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරු පවසති.

අද  උදෑසන 6.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයේ ගමන් ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.



අදහස් (3)

කුවේට් සිට පැමිණි මගියා ගුවන් යානය තුළදීම මියයයි

Kamal Tuesday, 05 February 2019 09:24 AM

ලංකාවේ කෘත්‍රිම ශ්වසනය දෙන්නේ කොහොමද කියලා හුගක් අය දන්නේ නැහැ. පපුව නැවත පණ ගැන්වීමේ යන්ත්‍රත් නැහැ. දේශපාලකයන්ගේ කතාවනම් දෝලාවෙන්.

:       1       69

රාජිත සේනාරත්න.Tuesday, 05 February 2019 11:00 AM

මැරුණ කෙනාට කෘත්‍රිම ස්වසනය දෙන්න පුලුවනිද? නිකම් බොරු නොලියා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න.

:       49       14

MADHURANGA. Thursday, 07 February 2019 02:35 PM

ඔවු. ඒක ඇත්ත. මිය ගිය කෙනෙකුට කෘත්‍රිම ස්වසනය දීලා වැඩක් නෑ. නමුත් හදිසි හෘදය ඇන හිටුමකදී නැවත හෘදය පණ ගැන්වීම සඳහා AUTOMATED DEFIBRILLATORS සුදුසු ස්ථාන වල සවි කරනවානම් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ගැටලුවකට තියෙන්නේ අපේ රටේ සමහර අය‍ට එම උපකරණ වල වටිනාකම ගැන අවබෝදයක් නෑ. එමනිසා ජනමාධ්‍යය ආයතන හරහා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් යම් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වේවි. දියණු රටවල් වල මෙම උපකරණ නොයෙක් ස්ථානවල ස්ථාපිත කරලා තියෙනවා. ඒ පිළිබඳව ඒ රටවල්වල ජනතාවත් දැනුවත් කරලා තියෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site