IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කෙලවල්ලා පැටවුන් අැල්ලීම තහනම්

(හර්ෂණ තුෂාර සිල්වා)

කෙලවල්ලා මත්ස්‍ය පැටවුන් ඇල්ලීම තහනම් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දකුණු සහ නැගෙනහිර මුහුදු තීරයේ ඇතැම් ධීවර පිරිස් කෙලවල්ලා (ටූන්) මත්ස්‍ය පැටවුන් විශාල වශයෙන් ඇල්ලීම නිසා මෙරට මුහුදු තීරයෙන් මත්ස්‍ය ගහණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවට මත්ස්‍ය අපනයකරුවන් පිරිසක් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ.

රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් ටූනා මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන අතර ශ්‍රී ලංකාවේ ටූනා මසුන් සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතියි. ශ්‍රී ලංකාවේ ටූනා මත්ස්‍යන් සඳහා වැඩි ඉල්ලුමක් තිබුණද ඉන් සැපයිය හැකිව තිබෙන්නේ සමස්ත ඉල්ලුමෙන් තුනෙන් එකක් පමණක් බවත් ඊට ප්‍රධාන හේතුව දිවයින අවට මුහුදු තීරයේ ටූනා මත්ස්‍ය ගහණයේ ශීඝ්‍ර අඩුවීම යැයි ද මත්ස්‍ය අපනයනකරුවන් පෙන්වා දී ඇත.  

මත්ස්‍ය ගහණය අඩුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැම් ධීවරයන් කුඩා ටූනා මත්ස්‍ය පැටවුන් දැල් යොදා ඇල්ලීම බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වාදෙයි.මේ අනුව මසුන් අල්ලන යාත්‍රා අඛණ්ඩව පරීක්ෂා කරන්නැයි ටූනා මසුන් අල්ලන ධීවරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2015 වසරේදී පමණක් අපනයන කර තිබෙන ටූනා මසුන්ගේ සංඛ්‍යාව මෙටි්‍රක් ටොන් 9,845ක් වන අතර එය සමස්ත මත්ස්‍ය අපනයනවලින් සියයට 56.4ක් වන අතර ඉන් ලද ආදායම රුපියල් මිලියන 13,688කි.



අදහස් (5)

කෙලවල්ලා පැටවුන් අැල්ලීම තහනම්

de silva Wednesday, 29 November 2017 12:28 PM

කෙලවල්ලෝ පැටවූ දැල්වල පැටලවුනහම උදේට දැල් බේරන කොට කොහොමත් මැරෙනවා. ධීවරයෝ කෙලවලු පැටවූ අල්ලන්න කියල විශේෂයෙන් දැල් දමන්නේ නැහැ.

:       41       62

Sampath Wednesday, 29 November 2017 01:20 PM

මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් විනාස වෙනවා බෝට්ටු වලින් ගේනකොට.

:       0       44

laksman Wednesday, 29 November 2017 01:58 PM

විකිණීමත් තහනම් කරන්න.

:       0       33

anthony Wednesday, 29 November 2017 03:31 PM

දැල් තහනම් කරන්නේ නැතුව මාළු විතරක් තහනම් කරනවා කියන්නේ.... මට නම් පිස්සු වගේ ..

:       0       32

Don Wednesday, 29 November 2017 03:35 PM

දැන් ඔය පැටවූවා කියන්නේ මොන ප්‍රමාණයේ අයද?

:       3       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1059 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site