IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කලවානේ කම්බාදොළ පාලම ගිලා බහී - ගමනාගමනය නවතී

අජිත්ලාල් ශාන්තඋදය සහ අරියරත්න මාමුහේවා
 
රත්නපුර තිරිවනාකැටිය හරහා කලවාන මාර්ගයේ කම්බාදොළ පාලමේ නිවිතිගල පැත්තේ ඉවුරේ පැතිබැම්මේ කොටසක් ගැලවී පාලම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අද (3) උදෑසන සිට තාවකාලිකව නවතා ඇති බව රත්නපුර පොලීසිය කියයි.


මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මාර්ගය තිරිවානකැටිය- අගලවත්ත මාර්ගය ලෙස නම් කර ඇත. 


තිරිවනාකැටිය හන්දියේ සිට නිවිතිගල දෙසට කිලෝමීටර් හයක් පමණ ගිය විට හමුවන කම්බාදොළ හරහා ඉදිකර ඇති පාලමේ කොටසක් මෙලෙස ගිලා බැස ඇති බව ද රත්නපුර පොලීසිය කියයි.


රත්නපුර සහ නිවිතිගල පොලිස් වසම් දෙක වෙන් වන්නේ ද මෙම කම්බා දොළෙනි. මෙම මාර්ගය භාවිතා කරන සියලූ රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග හඳුන්වාදී ඇති බව පොලිසිය කියයි. මේ අතර පාලම හරහා පයින් ගමන් කිරිමට අවසර දී ඇති අතර දෙපැත්තේ වාහන නවත්වා තිබේ.


රත්නපුර සිට දෑල, නිවිතිගල, වටපොත, කරවිට, දෙල්වල, පෑබොටුව, කලවාන, මානාන, වැද්දාගල, පොතුපිටිය, හැරනියාවක, අයගම, අගලවත්ත ආදි ප‍්‍රදේශවලට ගමන් ගන්නා ප‍්‍රධාන මාර්ගය මෙය වෙයි. කලවාන කොළඹ, කජුගස්වත්ත කොළඹ, අලූත්ගම අම්පාර, මතුගම මොණරාගල, අලූත්ගම අක්කරපත්තුව ආදී දුර ගමන් පොදු මගී සේවා ද ක‍්‍රියාත්මක වන්නේ මෙම මාර්ගය ඔස්සේය.


දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ ගමන්වාර එකසිය පනහකට වැඩි වාර ගණනක් මෙම මාර්ගය හරහා ගමන් කරයි. ඊට අමතරව තේ සහ රබර් කර්මාන්ත ශාලා ගණනාවක නිෂ්පාදන මෙන්ම අමු තේ දලූ පැටවු ලොරි ද, සිංහරාජ වනාන්තරය බලා යන විදෙස් සංචාරකයන්, ඇතුළු දහස් ගණනක ජනයා දිනපතා මෙම මාර්ය භාවිතා කරති.   


වසා දැමූ මාර්ගය වෙනුවට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව රත්නපුර පලාවෙල හරහා කරවිට මාර්ගය, රත්නපුර හංගමුව හරහා කරවිට මාර්ගය, රත්නපුර අලූපොල හරහා යක්දෙහිවත්ත මාර්ගය එම විකල්ප මාර්ගයි. එහෙත් තනි මංතීරු සහිත මෙම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.



අදහස් (2)

කලවානේ කම්බාදොළ පාලම ගිලා බහී - ගමනාගමනය නවතී

රවින් Sunday, 03 June 2018 09:45 AM

කොන්ත්‍රාත් කරුවන්ගේ අතිවිශිෂ්ට වැඩ හා නිලධාරීන්, දේශපාලුවන්ගේ සාක්කු වල බරට තමා පාලම කඩා වැටිලා තියෙන්නේ.

:       0       1

kalpa Sunday, 03 June 2018 01:42 PM

කලවාන සිට කොළඹට මහනුවරට හා කෑගල්ලට ධාවනය කරන බස්රථ වලට අයගම ගලතුර ඉඩංගොඩ (කිරිඇල්ල) හිදුරංගල ඇරෑපොල හරහා ඇහැලියගොඩට පැමින අවශ්‍ය ගමනාන්තයට ගමන්කල හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site