(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මව විසින් කැලයේ දමා යාමෙන් පසු පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳිය අද ( 27 ) පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියට අධිකරණ නියෝග මත බාර දිම සිදුකළ බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය.
පසුගිය 6 වැනිදා මෙම බිළිඳිය ප්‍රසුත කර පැය කිපයක් තුළදී කඩදාසි තුළ ඔතා පුත්තලම කුරුණැගල මාර්ගයේ අට්ටවිල්ලුව රක්ෂීතය තුළ වන ලැහැබක දමා ගොස් තිබුණි.
බිළිඳෙකු හඩන හඩ ඇසුණු පුද්ගලයකු පොලිසියට දැන්විමේන් පසුව පොලිසිය බිළිදිය පුත්තලම මුලික රෝහලට ඇතුළු කළේය.
බිළිඳිය පුත්තලම රෝහලේ නොමේරු ඒකකයට එදිනම ඇතුළු කර තිබු අතර එහිදි රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය බිළිඳිය පිරිසිදු කර ප්‍රතිකාර ලබා දිම ආරම්භ කර තිබුණි.
කෙසේ වෙතත් බිළිඳිය පිළිබදව මාධ්‍ය මගින් දිගින් දිගටම තොරතුරු වාර්තා කිරිමත් සමඟ මෙම බිළිදිය හදා ගැනිමට රට පුරා 1000 ආසන්න දරුවන් අහිමි යුවළ දැඩි ප්‍රයත්නයක් දරා තිබුණි.
කෙසේ වෙතත් පුත්තලම පොලිසිය පුත්තලම පරිවාස කාර්යාලයට මෙය දැනුම් දිමේන් පසුව පරිවාස නිළධාරින් පුත්තලම අධිකරණයට දැන්විමේන් පසුව පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතාගේ නියෝග මත පරිවාස බාරයට බිළිඳිය ලබා දිමට නියෝග කර තිබුණි.
ඒ අනුව අද(27 ) පුත්තලම ප්‍රධාන පරිවාස නිළධාරි ආර්.එම්.රණතුංග මහතා විසින් පුත්තලම මුලික රෝහලට පැමිණ රෝහල් කාර්ය මණ්ඩලය අතින් මිගලෑව අමිල සේවන රජයේ ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාවට බිළිඳිය බාර දීම සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි පුංචි පැටියට...
ඉල්ලීම් කරන සුදුසු කෙනෙකුට දෙන්න බැරි අැයි?
රත්තරන් දූ පැටියාව අම්මට එපා වුනේ ඇයිද යන්න ගැටලුවකි. මොනතරම් දුරට අපේ ලාංකීය සමාජය කඩාවැටී ඇද්ද යන්නේ මෙමගින් තහවුරු වෙනවා නොවේද? අහිංසක දරුපටියාට යහපතක්ම වේවා !!!
ඔය එක එක උදවිය එක එක සරණේ කියනවා. එ්ත් ඔය අසරණ පොඩි එකාට ඒ බණවලින් වැඩක් නැහැ. තියෙන එකම සරණේ කොහෙන් හරි යහපත් දෙමාපියන් ලැබෙන එක... ඉතින් හදාගන්න කැමති උදවියගේ මානසික තත්වය, ආර්ථික තත්වය අපරාධ වාර්තා බලලා සුදුසු කෙනෙක්ට දුන්නා නම් පොඩි එකාට, තම තමන්ගේ සරණේ තමන්ටම බලාගන්න පුළුවන් වෙනකම් හොඳින් හැදේවි...