(දාපනේ ජයන්ත නානායක්කාරන්න)
පසුගිය 11 දා පැවැත්වීමට නොහැකිව කල් තබන ලද කොළොන්න ප්‍රාදේශීය සභාවේ සැසිවාරය අද පැවති අතර එහිදී සභාපති ටී.රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
පසුව නවක මන්ත්‍රීවරයෙක් විසින් නාන බද්ධක් පිළිබඳව සභාවට යෝජනාවක් කිරීම හේතුවෙන් සභාව උණුසුම් තත්වයකට පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රී ටී.එල්. තුසිත මහතා කියා සිටියේ කොළොන්නේ නාන තොටුපලවල් බොහෝ ප්‍රමාණයක් ඇති බැවින් ඉන් ඉහළ ආදායමක් ලබාගත හැකි බවයි.
කෙසේ උවද මෙම යෝජනාව කිසිදු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවෙකු ස්ථිර කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් මෙම යෝජනාව ස්ථිර නොකිරීමෙන් යෝජනාව ගෙන ආව මන්ත්‍රීතුමා නම් හොඳට නාගත්ත බව පෙනෙනවා.
ආදායමටත් බදු, වියදමටත් බදු, ලාභයටත් බදු, ලබාංශයටත් බදු, ඉතුරුම් වලටත් බදු, කෑවත් බදු, බීවත් බදු ලෝකයේ ඇති නැති සියලුම වර්ග තියෙන සංකීර්ණම බදු ක්‍රමයක් තියෙන රටක නාන බදු විහිළුවක් වෙන්න බෑ. තව පුළුවන් නම් ඇඟ බදු, උපත් හා මරණ බදු, වැසිකිලි බදු වගේ දේවල් හඳුන්වලා දෙන්න පුළුවන්...
දේශපාලකයින් නාගන්න විදියට ඔවුන්ගෙනුත් බද්දක් ගැහුවානම් කරදරයක් නැතිව ආණ්ඩුව ගෙනියන්න තිබුණා.
මං ඒ යෝජනාව ස්ථිර කරනවා. අතුරු යෝජනාවක් හැටියට මං තව දුරටත් යෝජනා කරනවා. වැඩිපුර තියෙන නාන තොටුපළවල් නිරුවතින් නාන අයට වෙන් කරලා ලක්ෂ, කෝටි ගණනක් හොයා ගන්න වැඩ පිළිවෙලක් සකස් කල යුතු බවට....
මහී මම ඔයාගේ අතුරු යෝජනාවට තව අතුරු යෝජනාවක් කරන්න කැමතියි, ඔය නිරුවතින් නාන අය දිහා බලාගෙන ඉන්න කැමති ඇත්තන්ට වෙනම තැනක් වෙන් කරලා දීලා එ්කෙන් බද්දක් ගන්න පුළුවන් යෝජනාවක් කරන්න කියමු.
මේ යෝජනාවට නම් ලංකාවේ මොලේ තිබෙන කිසිම දේශපාලකයෙක් සහයෝගය දෙන එකක් නැහැ. මොකද වැඩිපුරම ඇදගෙන නාගන්නේ දේශපාලකයින් නිසා... එ්කනේ අඩුම තරමේ කවුරුවත් ඕක ස්ථිර කරේ නැත්තේ..
මෙම යෝජනාවෙන්ම පේනවා රට ගම නගාසිටුවීමට කැපවී සිටින කණ්ඩායමේ බංකොලොත් මානසිකත්වය... අනේ අපොයි!!!
දේශීය රාජ්‍ය ආයතනවලට මේ බදු යැවීම මෝඩ වැඩක් නේද?
මේ අයව ඔතනට යවපු අයගෙන්ම බදු අය කරගත්තනම් තමා වඩාත්ම සුදුසු.
වතුර බොන අය ගෙනුත් බද්දක් අයකරන්න පුළුවන් නේද ?
මේ පුද්ගලයා නම් හොරෙක් වාගේ පේන්නේ.. වැසිකිළි යනවාටත් ගාණක් කියයි. 8 වත් පාස් නැහැ. මෙයා හොඳයි කෝපි කඩේ පොලි මුදලාලිගේ පාර්ට් එකට...
බලු බද්ද, ඇග බද්ද, පාරවල් බද්ද කියලත් ඉස්සරහට ගෙනෙයි. ආණ්ඩුවට හැබැයි බය වෙන්න දෙයක් නෑ ඉස්සර වගේ මේකේ දේශප්‍රේමින් නැති නිසා කැරලි කෝලාහල එන එකක් නෑ. මිනිස්සු ඊලග පාර ජන්දයත් දෙයි. ඒ තරම් මෝඩ ජාතියක් දැන් ලංකාවේ ඉන්නේ.