IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කැලණියේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි

( තිලකරත්න දිසානායක.)
 
කැලණිය ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීහු සහ ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරු අද (9) වැටලූහ.
 

කල්  ඉකුත්වූ කායවර්ධන කිරිපිටි වර්ගයක ඇසුරුම් ලේබල යොදා වෙළඳ පොලට නිකුත් කරනු ලබන බවට ලද තොරතුරක් මත අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේදී මෙලෙස ඖෂධ නිෂ්පාදනය කරන බවද සොයා ගැනීමට හැකිවිය.
 
සිව්මහල් ගොඩනැගිල්ලක මෙම දිගු කාලයක් පුරා මෙම ජාවාරම කරමින් ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර මෙන්ම කල් ඉකුත්වූ මෙම ඖෂධ යළි ඇසුරුම් කර දිවයින පුරා බෙදාහැර ඇති බවට මෙහෙයුම සිදුකළ  නිලධාරීහු සැක කරති. 
 
මෙම නිෂ්පාදනාගාරයේදී වේදනා නාශක ඖෂධ වර්ගය ඇතුළු ප්‍රතිජීවක ඖෂධ,  ශක්ති ජනක ආහාරමය පිටි වර්ග සහ විටමින් වර්ග සහිත ඖෂධ වර්ග 10 ක් පමණ මෙහිදී  නිෂ්පාදනය කර  ඇති බව අනාවරණයවු අතර මෙම ඖෂධ අතරින් ඇතැම් ඒවා ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති බවට ලේබල් යොදා තිබු ආකාරයද නිලධාරීන්ට දැකගත හැකි විය. 
 
මෙම නිෂ්පාදනාගාරයේ හිමිකරුගෙන් ප්‍රශ්න  කිරීමේදී මොහුට ඖෂධ වර්ග කිහිපයක් නිෂ්පාදනය කිරීම පිණිස 2013 වසර දක්වා බලපත් ලබාදී තිබී ඇතත් එය අහෝසි  වූ පසුවද මෙලෙස ව්‍යාජ අන්දමින් නිෂ්පාදනය කර ඇති බව අනාවරණය වී යැයි නිෂ්පාදනාගාරය වැටලීම සිදුකළ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය. 
 
කල් ඉකුත්වූ ඖෂධ යළි සකස් කර වෙළඳපොළට යැවීම මෙන්ම නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග පාරිභෝගිකයින් අතරට යැවීමට සැලැස්වීම දැඩි හානිකර තත්ත්වයක් බවද හෙතෙම සදහන් කළේය. රුපියල් කෝටි  ගණනක් වටිනා ඖෂධ සහ විටමින් වර්ග මෙහි තිබු අතර නිසි වටිනාකම ඊයේ සවස වන තුරුත් ගණනය කොට නොතිබිණි.  මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි ඉංජිනේරු වරයෙකු බව අනාවරණය වී තිබිණි. 
 
අදාළ නිෂ්පාදනාගාරය සහිත සිව්මහල් ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට නිලධාරීන් විසින් පියවර ගනු ලැබූ අතර අත්අඩංගුවට ගන්නා ලද  නිෂ්පාදනාගාරය හිමිකරු බැදුම්කර  ඇපකරයක් මත මුදා හළ අතර නියම කරනු ලබන දිනකදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (7)

කැලණියේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි

Cisco Tuesday, 09 July 2019 10:06 AM

හා.. හා.... කොර්ට්?

:       0       15

ජයන්ත මිලානෝ Tuesday, 09 July 2019 10:19 AM

මෙය කොපමණ බරපතල වුවත්, ජනජීවිතයට හානි වුවත් රුපියල් දහදහක දඩයක් නියම කරලා ගෙදර යවයි. නිලධාරීන් රොත්තක් එකතුවෙලා වැඩි වියදමක් දරලා වැටලීම කළත් උසාවියෙන් ලැබෙන දඬුවම එපමනයි.

:       0       127

කල්ප Tuesday, 09 July 2019 12:05 PM

විශාල මුදලක් වියදම් කර පිටරටින් බෙහෙත් ගෙන්වන්න වෙලා... මේවගේ මිනිස්සුන්ට අතදීලා ප්‍රමිතියෙන් යුතු බෙහෙත් අපේ රටේම හැදුවා නම් හොඳයිනේ. බලපත්‍ර නැත්නම් නීත්‍යානුකූල තත්වයන් පරීක්ෂා කරලා බලපත්‍රයක් දෙන්න මේ මනුස්සයට...

:       6       10

BamunuarachchiWednesday, 10 July 2019 03:01 AM

නිෂ්පාදනයට යන්ත්‍ර තිබීමත් කාර්මික දැනුම තිබීමත් ඖෂධ නිෂ්පාදයට සුදුසු කමක් නොවේ. එහෙම පුලුවන් කමක් තිබේනම් හැම හන්දියක් ගානෙම, ඉන්දියාවේ මෙන්, ගෘහස්ත නිෂ්පාදන ලෙස ඖෂධ නිෂ්පාදය වනු ඇත. මොහුට 2013 දී තිබුන බලපත්‍රයත් අහෝසි වෙලා තිබෙනවා ඒ මොහු ඒ නිෂ්පාදනයට සුදුසු නැති නිසා. තව මොනවාද කතා.

:       0       0

Prabha Tuesday, 09 July 2019 12:13 PM

මේ නිෂ්පාදනවල නම සඳහන් කරන්න.

:       0       0

BamunuarachchiWednesday, 10 July 2019 02:36 AM

එසේ කිරීමෙන් දැනටමත් වෙළෙඳ පොලේ ඇති මේ විනාශකාරී ද්‍රව්‍ය වලින් ජනතාව බේරා ගත හැකිවේ.

:       0       0

Bamunuarachchi Wednesday, 10 July 2019 02:46 AM

ප්‍රශ්නය කල්ගතවූ කායවර්දන පිටිවර්ග සහ අනිකුත් ද්‍රව්‍ය මෙවන් කූඨ මිනිසුන්ට අතට යන්නේ කොහොමද. ඒවා විනාසකරන්නේ නැද්ද? එසේ යාම වැලැක්වීම අදාළ රජයේ ආයතනවල වගකීමයි. ඒ සඳහා නීති නැතිනම් නීතිහදා හෙන ජනතාව රැකගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site